සුසුමක් නොවේ සිය දහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමිත් ඇත සොයුර නිරතුරේ
පින්බිමේ පිරිත් සජ්ජායනෙන්
කෝවිලේ සීනු හඬ නද මැදින්
පල්ලියේ යාතිකා රාවයෙන්
ගයමු අපි නුඹ නමට එක හඬින්
ලොව සතර අත ඉදන් රොඳ බැදන්
නුඹ නමින් පෙල ගැසුණු පිරිවරින්
නිහඬ ලොව බිඳදමා මිතුදමින්
සවන දෙන්නෙමු නුඹට ඉක්මනින්
පලි : වසරකට එපිට ලියා ගයන්නට බැරිවු ගීතයකි!
Showing posts with label ඉස්සර කවි. Show all posts
Showing posts with label ඉස්සර කවි. Show all posts
Friday, 18 May 2012
Tuesday, 20 December 2011
ඔබේ මතක
රෑ අහසේ තරුකැට දෙස
බලා සිතට දෙන සැනසුම
රෑ සිහිනෙන් ඇවිත් හොරෙන්
සොරා ගනියි ඔබේ මතක
නෙතට හඬන්නට දෙනු බැහැ
ලොවම සැනසෙනා මොහොතක
මට හැමදා හිරු සඳු වු
ඔබේ මතක ගන්න ඔබම
Wednesday, 14 December 2011
නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය
අසිනි වැස්සට තෙමී තෙත බරිත හඳ මඩල
අනෝරාවක් ලෙසින්නෙතින් හල කඳුලු වැල
රුදුරු තොල් පෙති වැදී රිදුම් දෙන කොපුල් තල
ආදරේ සීත පිණි දියෙන් දැන් තෙමනු මැන
වියලි පොළවට වැටුණු පින්සාර පොද වැස්ස
රුදුරු කතරක දුටුව අහිංසක පතොක් මල
ජීවිතේ කුණාටුව නිවාහල සුළං පොද
නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය
Friday, 2 December 2011
මිලින වනු මිස මක් කරන්නද
පයට පැගී සිතුම් හඬවන
අහිංසක පෙම් කැකුළු මල්වල
සැවඳ දැනුනේ දැන්ද ඔබ හට
මිලින වී පෙති හැලී යන විට
නොවක් මල් ලොව පිපී තිබුනද
එකම මල මම ඔබට පෙම් කල
මේ තරම් ගැරහුම් ලොවින් මට
ලෙහෙසියෙන් පිදු නිසයි සෙනහස
මලට වැටෙනා පිනි පොට්ටු ලෙස
කඳුලු වැටුනද නොමැත දොම්නස
දුක නොමැතිනම් ඔබේ සිත ලඟ
කුමට විඳිනුද මමත් මේ දුක
එකම පෙත්තක් සතුව බිහිවුන
මලකි එක්පෙති මම ඔබේ ලඟ
නෙලාගන්නේ නොමැති නම් ඔබ
මිලින වනු මිස මක් කරන්නද
Friday, 25 November 2011
රත්තරන්, හිත හඬයි ඉකිබිඳ
හරිතවන් ඒ කඳු මුදුන් මත
සුදට දිලි මීදුම් කොයිද නුඹ,
දසන් සනහා පිරෙන්නට තිබු
මගේ සිනහවන් ගියේ කොයිබද
තුටින් රඟදෙන සමනලෙකු සේ
රැඟු සැනසුම කොයිද අද නුඹ
මුව විදාගෙන ගිරවියකසේ
මා දෙඩු බස් ඇයිද නිහඬව
නින්ද සොරකම් කලේ කවුරුද
ආයේ එන්නේ නැතිද සැනසුම
සිතට ලංවී කියන් හෙමිහිට
රත්තරන්, මේ වෙන්නේ මොනවද
නැවතුමක් හමු වේද මේ මඟ
ගිමන් හල පමණක් වේද මෙය
ගෙනගියේ ඔබ කොයිද සැනසුම
රත්තරන්, හිත හඬයි ඉකිබිඳ
නුඹට රහසින් සිතින් පෙම් බැඳ
සිහින සමඟින් ගොස් බොහෝ දුර
සිහින සමඟින් ගොස් බොහෝ දුර
අනේ අහිමියි සිතට සැනසුම
රත්තරන්, එය දන්නේ නැතිවද
Saturday, 19 November 2011
නිහඬ ඔබට
සඳක් නිසා ඔබ පුර පසලොස්වක අහසක
මට බයයි අහිමි වෙයි කියලා මේ මුදු සැනසුම
හීනයක් වෙලා නෙත පිනවන පින්බර ඔය සඳ
බැස ගියොත් සිතට කුමක් වේද නොදනිමි මම තව
නිම්නයක් සුවඳ කරවා පිපි පුංචි සමන් මල
අප නමින් පිපි සුවඳ බෙදයි පරව යාද එය
ඒ ලෙසින් සිතුම් සිතට ගෙනෙන ඔබගේ දඟ වැඩ
තව තවත් කරන්නෙපා සුදෝ රිදෙනවා මගේ හිත
ඔබ හඳක් නිසා මම වෙන්නම් තරුව ඔබේ ලඟ
මා තනිකර ඔබ බැස ගියොතින් තනි වෙයි පොඩි මම
ඔබ තමයි එළිය දෙන්නේ පොඩි තරුවක් වුනු මට
හැර යන්න එපා දුප්පත් හිත හඬාවි ඉකි බිඳ
පොඩි උනත් මහමෙරක් මගේ හිත දන්නවාද එය
සත් සමුදුර මට වෙන්න හිතයි ඈතට විහිදෙන
මුළු ලොවටම කෑ ගසා කියන්නට මගේ සෙනෙහස
මට සවියක් නැහැ ඔබ හරි නිහඬයි නොවෑ පෙම්වත
Friday, 18 November 2011
නිම වුනු පෙම
ආපසු හමනා සුළඟක දැවටී
අතීතයට යන්නට ඇත්නම් මට
හමු වෙයි ඔබ මා පෙම්කල දිනවල
මෑව් සිහින අපි දෙදෙනා දෙතැනක
මල් පෙති සුළඟට පාවී ඇවිදින
සුන්දර මල් පාරේ අපි එදවස
හමුවී හිනහී මුණ ගැහුනා අප
මකතයි තාමත් ඒ සුන්දර රස
දින සති ගෙවිලා කල් ගතවන් විට
අපේ සෙනෙහසේ දුක්බර දවසක
ඔබමයි මල් පෙති සිඳ බිඳ දැමුවේ
අප හදවත්වල සුපිපුණු මල්වල
ලෝකය මා වෙත නගනා මේ දොස
ඔබ හින්දයි මා නොකලෙමි මෙවරද
ඔබ නිවැරදි යැයි ඔබම කියන සඳ
මා නිවැරදි බව කියනුයේ කවුරුද
අතීතයට යන්නට ඇත්නම් මට
හමු වෙයි ඔබ මා පෙම්කල දිනවල
මෑව් සිහින අපි දෙදෙනා දෙතැනක
මල් පෙති සුළඟට පාවී ඇවිදින
සුන්දර මල් පාරේ අපි එදවස
හමුවී හිනහී මුණ ගැහුනා අප
මකතයි තාමත් ඒ සුන්දර රස
දින සති ගෙවිලා කල් ගතවන් විට
අපේ සෙනෙහසේ දුක්බර දවසක
ඔබමයි මල් පෙති සිඳ බිඳ දැමුවේ
අප හදවත්වල සුපිපුණු මල්වල
ලෝකය මා වෙත නගනා මේ දොස
ඔබ හින්දයි මා නොකලෙමි මෙවරද
ඔබ නිවැරදි යැයි ඔබම කියන සඳ
මා නිවැරදි බව කියනුයේ කවුරුද
Monday, 7 November 2011
මගේ සිත අසරණයි
ඉකිගසන සිතුම් වැල් දසත පාවී ඇදෙයි
ඔබේ මතක සමඟ සිත කඳුලු සලමින් හඬයි
සිහිනයක සැඟවිලා අනේ ඔබ තව දොඩයි
අහිමි බව දැනි දැනී මිරිඟුවට සිත ඇදෙයි
මායිමෙන් එහා සිත දුවන්නට මං සොයයි
අනේ අසරණයි සිත කෙනෙකු කරදර කරයි
අහිමි බව දැනි දැනී ඔහුත් පසුපසම එයි
ඔබට දුන් සිත යලිත් ගන්න මට නොම සිතෙයි
දුර ඈත සැඟව යන්නට කලින් කිව් වදන්
සිත පුරා රැව් දෙමින් යලිත් මතකයට එයි
ඔබේ සිහිනයත් මගේ සිහිනයට සම නිසයි
දුක් දරන් නැගී ඉන්නේ සිහින ඉකිගසයි
යලි යලිත් ගිලන්වන මා සිතුම් දුක් බරයි
ඔබ ගෙනත් දෙන සිහින පොඩි හිතට හරි බරයි
හිඳින්නට හැකියි මහ මෙරක් ලෙස සිත කියයි
ඔබේ පෙම ලඟ තවත් මගේ සිත අසරණයි.
Saturday, 5 November 2011
කඳුලු නිම්නය
අපිට අපි හිමි යැයි සිතන්නට
අයිති නැති හින්දා
කඳු පෙලේ මීදුම් වලා කැටි
හොරෙන් ඉකි බින්දා...
ඔබට මට කඳුලැල් උරුමකල
නිම්නයම හැරදා
යන්න ඉඩ නෑ සතුට සොයමින්
සිත බියෙන් සැලුනා....
මිරිඟු සයුරේ ගිලී ගිය හිරු
යලිත් එන හින්දා
බලා ඉමු අපි ඒවි සමනල්
වසන්තය කැන්දා....
අපේ හිත් වල සදා සැඟවුනු
සිහින ඉකිගසනා
අපට අප හිමි ලොවක් හමුවෙයි
සොයා යමු පියඹා....
අයිති නැති හින්දා
කඳු පෙලේ මීදුම් වලා කැටි
හොරෙන් ඉකි බින්දා...
ඔබට මට කඳුලැල් උරුමකල
නිම්නයම හැරදා
යන්න ඉඩ නෑ සතුට සොයමින්
සිත බියෙන් සැලුනා....
මිරිඟු සයුරේ ගිලී ගිය හිරු
යලිත් එන හින්දා
බලා ඉමු අපි ඒවි සමනල්
වසන්තය කැන්දා....
අපේ හිත් වල සදා සැඟවුනු
සිහින ඉකිගසනා
අපට අප හිමි ලොවක් හමුවෙයි
සොයා යමු පියඹා....
Monday, 17 October 2011
සැනසන සිත
ඔබේ සෙනෙහසින් කවිකම් ලැබුවද
තවම නොහැක මට කවක් ලියන්නට
මා සිත නැලවු මා සිත හැඬවු
ඔබ දුන් ඒ සුන්දර හස කැන් ගැන
දරන්න නොහැකිව ලොවේ කුරිරු බව
මා සිත අසරන වී උන් කාලෙක
සෙනෙහස ගෙන සිත් අරනට වැඩි ඔබ
මහමෙව්නාවක් වුවා මගේ ලොව
අපට හොරෙන් අප හිත් වල සුපිපුන
පිච්ච මලේ පෙති විසිරිණ් නොදැනම
වාවනු කෙලෙසද කඳුලේ උනුසුම
ලොවට හොරෙන් වැලපේ සිත ඉකිබිඳ
ඔය ඇස්වල දුටු අපමණ සෙනෙහස
පහන් වැටක් වාගේ සිත සනසන
අහිංසකම හඳ පාන අතේ මට
එවන්න ලියලා පුංචි හසුන් පත
Sunday, 16 October 2011
සෙනෙහසේ කවි කම්
තරු කැකුළු වල හැඩ පරදවන
පුංචි මුතු වන් කඳුලු කැට වල
දිය වෙලා නෙතඟින් ගලා යන
සෙනෙහසේ කවි කම් අසනු මැන
පාරමී පුරමින් නුවන් යුග
සොයන දසුනේ රුසිරු රස විඳ
ගොතයි අතොරක් නැතිව කවි කම්
අපේ සෙනෙහස පිරුණු ලොව ගැන
සිහින මවමින් අපි උනුන් ගැන
සුසුම් සමඟින් ගොස් බොහෝ දුර
යලිත් ආපසු නොඑන ලෙසකට
තව තවත් තටු සලමු ඈතට
ඔබේ නෙත් ලඟ රැඳුනු සෙනෙහස
දරා ගන්නට බැරිව ලතවෙන
මගේ අසරණ බොළඳ සිතිවිලි
ඔබේ උනුසුම සොයයි හැම විට
සුවඳ සොයමින් ඔබේ සුවබර
සිත දුවයි වලකනු කෙලෙස මම
තරු කැකුළු හැඩයට දිලෙන රැය
මා ලඟයි නිදි ලොවේදිත් ඔබ
Sunday, 12 June 2011
හංස කවිය
මානස විල කළඹා
නිල් දිය රැළි පරදා
ස්වර්ණ හංසි පියඹාගොසින්
මනු ලොව පෙම සොයලා
දිය රැලී මත වැතිරී
පෙණපිඩු කදුළු සැලී
රණ තිසරා ඉකිගසනා තාලෙට
දිය පිට රැළිති පිපී
කදුලැලි තුසර පිනී
සියපත මතට වැටී
ගයන හංස ගීතය ඇසෙනා සද
දෙරණත සලිත වුණී
Saturday, 4 June 2011
සිහින කව
කඳු නිල්ලේ ඈත පාවී
හසරුල්ලේ දෑස යාවී
මැව් සිහිනේ සුපෙම් මාලිගා
මනහාරී මල් තලාවේ
වැතිරී සැනසේවී
සිත් යායේ ඔහේ පා වෙලා
අනුරාගී නෙත් කතාවේ
මුදු හැඟුමන් සිත් පිනාවී
සෙනෙහසේ කවි කතා ලියවිලා
ඔබ මාගේ සිහින ලෝකේ
රන් කිරුලත් හිස දරාවී
අප සිහිනේ පැතුම් ඉටු වෙලා
Subscribe to:
Posts (Atom)










