සීනියට රැළි ගොතපු ඔසරි පොට අතට ගෙන
පොත් මිටිය දෝතින්ම ළය මතින් තුරුලු කර
මමම ගෙතු මප්රලය ගෙල වටින් ඔතා ගෙන
මල් කුඩේ යටින් ගිය දවස් සිහි වෙනවා මට
ගෙත්තමින් හැඩ මැවුනු කබායේ උණුසුමින්
පාට පාටින් ගෙතුණු අත් මේස් පළඳමින්
පිනි මුවැත්තිය ලෙසින් සීතලට ගුලි වෙමින්
අයිස් වැස්සේ දුවපු දවස් සිහිවෙයි ඉතින්
පටි සෙරෙප්පුව කෑඩී මාවතේ තනිවෙලා
පැගිලා ඔසරි පොට ඉඟ නෙරිය විසිරිලා
දිගට ගෙතු කෙස් වැටිය අග්ගිස්ස තෙත් වෙලා
සීතලේ වෙව්ලමින් සිටියා මතකයි එදා
වසරකට පසු *****
දිගට ගෙතු කෙස් වැටිය ලේයර් කට් උන නමුත්
ඔසරි නැතිවාට දිග කලිසමක් ඇඳි නමුත්
පටි සෙරෙප්පුව නැතිව කෝට් ෂු දාගෙනත්
මහ වැස්සේ තෙමෙන්නට යන්න සිදුවිය මටත්
හ්ම්ම් එදා සහ අද..
ReplyDeleteලස්සන කවිපෙළක්...
ඇඳුම පැළඳුම දෙකම වෙනස් වී ඇති නමුත්...
ReplyDeleteපරණ හිතමයි ඇත්තේ එදා වගෙමයි අදත්...
වැස්සකට තෙමිලා පුරුදු ලෙස දිව ඇවිත්...
ලියූ කවි පද පේලි රස විඳින්නම් මමත්...
වැස්සට තෙමෙමි ණී
ReplyDeleteහංසි ලිව් කව් මි ණී
සිත් රූ මවමි ණී
වක්කරයි මී පැ ණී