Showing posts with label යශොදරාවත. Show all posts
Showing posts with label යශොදරාවත. Show all posts

Wednesday, 29 June 2011

හංස විල

මානස විල මැද හංස රජුනි ඔබ
අගමෙහෙසිය විමි හංසිය වී මම
නිල් දිය  තලයේ පෙම්වත් රංගන 
රැඟුවෙමු පිරිවර තිසරුන් වට කොට 

දඩයම් ආ සතුරන්  ඔබ වට කොට 
රැකවල් ලද්දි අල්ලා ගැනුමට 
සෙසු තිසරුන් ඉගිලුන මුත් අහසට
මා හට නොහැකිය ඔබ හැර යන්නට

හිමියනි විල මැද අප රැඟු රන්ගන
පෙන පිඩු නගමින් පිහිණු අන්දම
සිහි කරමින් ඒ සොදුරු අලිංගන
සිතුවෙමි ඔබ හා මමත් මියෙන්නට



Friday, 24 June 2011

සඳ කිඳුරානෙනි


හිම ගිරි අරණට මල් වැහි වසිනා 
සීතල හැන්දෑවේ
තණ පලසේ පිනි මුතු මත නැටුවෙමු 
තුරුලේ සුව පහසේ

නන්දනීය පෙම සිත තුල සක්මන් 
කරනා මේ යාමේ
ආනන්දය සිත් පෙම්වත් කරවන
ඇතිවිය සිත් දෑලේ

වස්දඬු නාදෙට පාද නැලවෙනා
කින්නර රංගනයේ
කුමරා සමඟින් කුමරිය විමි මම
ඒ සුන්දර යාමේ

බඹදත් රජතෙම රහසින් අවුදින්
රංගන නැරඹි කලේ
කින්නර නුඹ ගැන අසූයාව බැඳ
දුනු හී ඇද  ගත්තේ

දෙටු බඹදත් රජු එක හී පහරින්
කිඳුරිඳු නිහඬ කලේ
චන්ද කින්නරා රංගනයේ සිටි
මා නැත එය දුටුවේ

රැඟුමෙන් මත්වුනු බඹදත් රජ තෙම
මා වෙත පෙම් බැන්දේ
කින්නර කුමරුණි ඔබ සමු ගෙන බව
එවිටයි මා දුටුවේ

හිම ගිරි අරනේ පෙම් බැඳී හිමියනි
තනි කර නොයනු මැනේ
දෙරණත කම්පාවන ලෙස හැඩුවෙමි
පෙමි සිත මොර දෙමිනේ

නිසල සිරුර දොතින්  ගෙන හැඩුවෙමි
 යැද ජිවය ඔබගේ
ගහ කොල මල් වැල් කම්පාවීලා
දෙරණ මලින්  වැසුනේ 

පෙම්වත් සිතකින් පැතු පැතුමක් දැක
සක‍් දෙවි මෙහි වැඩ්යේ
අසරණ හිමි ඔබ විවිරණ ලැබගෙන
යලිදු මවෙත වැඩ්යේ

බුදු බව ලබනට කැමතිව ඒ දින 
විවිරණ ඔබ ඇසුවේ
යශෝදරා ලෙස යලි ඉපදෙනු දැන
ඔබයි සිතින් පැතුවේ 









Tuesday, 21 June 2011

යශොදරාවත

සෙනෙහසේ අරුත සොයමින
නොගියෙමි මං මුලාවී මම
හිමියනි සිටියා ඔබම
මා වෙනුවෙන් හැම භවයකම.........
 ‍එක්ව ආ මග සසර හැම කල
ගෞතම බුදු බවට තෙක් දුර
සිටියා මහමෙරක් ලෙස ඔබ
වෙන්ව වැඩියත් පතා බුදු බව........
කිඳුරු කුලයේ ඉපිද
ලෙහෙන් කුලයේ පෙම් බැඳ
හංස කුලයේ සිටන් ඇත් කුලයට
මනුසත් භව වලත් උන්නා ලඟ ලඟම...........
සසර ගමනේ දිගටම
හිමිත් මම ගෙව් මග දුර
පවසන්න අවසර
යශෝදරා ලෙසින් අද සිට