Showing posts with label පිළිතුරු කවි. Show all posts
Showing posts with label පිළිතුරු කවි. Show all posts

Monday, 12 August 2013

තරු කැකුල මම

 
අහස් මායා අතර හැංගුන
ඔබට නොපෙනෙන
ප්‍රේමයේ තරු කැටය මං
 
ස්නේහයේ මුදු එලිය
නොරිදවයි මුත්
දුරයි නුඹ
සඳක එළියට බයෙන්
 
පුර පසට අහසට ඇවිත්
සඳ දිලෙන අරුමය දුරින්
බලාගෙන නෙත් පිනා සැනසෙන‍
කුමුදු මල නුඹනම්

අමාවක අහසකත් පායන
තරු කැකුල මම නුඹ නොදත්
සහස් සියවස් ගනන් රෑ වල‍
දිලිසුනා මම නුඹ නමින්


Wednesday, 5 December 2012

සිතුවිල්ල - කවි සිතුවිල්ල




තැවෙයි හදවත
තවම තනියම
කවක් ගලපමි
සිතුම් කැටි කොට

තවත් හිතනට
සිතුම් නම් නැත
සිසිල් සුලඟට
රිදෙයි මගේ හිත 

සිතත් මට නැත
තව කෙනෙකු ලඟ
ඇත්තේ හදවත
මටත් මම නැත

ගත්තේ තුරුලට
බදා තදකොට
එකම වත්කම
තමයි  තනිකම

පාළුයි මුළු හිත
එනුමැනවි අදම හෙට
මගෙන් දුර ඇත ගිය
සිතුවිල්ල  - කවි සිතුවිල්ල 

Friday, 16 November 2012

මම හැමදාමත් නති තරුවක්




දෑසට නොපෙනන ඈතක හිඳගෙන
මගේ හිත සිතුවම් මැවූ තරම්
වාවනු නොහැකිව හඬනුයේ කෙලෙසද
නෙලන්න බැරි ඔය  හිත මනරම්

සුන්දර විලසක අතිනත අරගෙන
ඇවිදන් යන්නට සිත පැතුවත්
නොපෙනෙන දුරකින් පායන සඳ ලග
මම හැමදාමත් නති තරුවක්

තනිකම් පවුරේ බිතු සිතුවම් ඇඳ
රවටාගමි පෙම් හිත කවදත්
අපි අස අපි නැති සීතල නිම්නෙක
සිත හැමදාමත් ඔබේ ලඟින් 

Monday, 13 February 2012

ඔබම කියු.. මගේ කවිය...



ළඟට එන්න

හිත හදන්න


බරවුනු නෙතු සනසවන්න..




ඔබ පිපෙන්න



මගෙම වෙන්න



නෙතු රැඳි කඳුලින් මිදෙන්න..




ළඟම ඉන්න



දුර නොයන්න



සිත් විල මත ඔබ රැඳෙන්න..


Sunday, 29 January 2012

පින්සාර නෙතු


දුක් සුසුම් අතැර නැලවෙන්න දැන් සඳැල්ලේ
මා නමින් පේ වුනු, මල් යාය නිල්ලේ....
සංසාර මඟ යන්න පාවී නිදැල්ලේ
පින්සාර නෙතු ඔන්න පිපුනා තුරුල්ලේ

ලං ලංව විඳ ගන්න සුසුමන් සිහිල්ලේ
හඳ ගැස්ම වී ඉන්න දෙන්නම් තුරුල්ලේ
කඳුලින් නැඟි ආ සිනහා කැරැල්ලේ
පාවෙන්න ඔබ එන්න හන්තාන නිල්ලේ

රන්තාරු මල් ඇතිරු තණ නිල්ල ගොල්ලේ
නිම්නාද නද දෙන්න සුළගේ නිදැල්ලේ
භාවනා වඩන්නට එන්න තරු නිල්ලේ
රහසක් කියයි දෙනෙත් ගිලී  හසරුල්ලේ

සිත්රූ සෝබාවට ලියපු පිළිතුරක්... :D 

Friday, 1 July 2011

සමුගත් වෙරළ


වැටකේ මල් පිපි වෙරළ ‍ඉමේ
අප හමුවු දින ගගන් දිගේ
සිතිවිලි දිව යයි දෙපා නගන කල
සුසිනිදු වැලි මත සුදු වෙරලේ

ක්ෂිතිජ ඉමේ හිරු කඩා වටේ
දෙනෙතේ කඳුලැලි නිල සේදේ
සමුගෙන යන්නට මා ආ බැවී කී
දෙතොලේ හසරැලි නිදා වැටෙයි

සමුගෙන යන්නට නැගු දෙපයේ
ප්‍රණය ගිලිහි ඔබ තුරුලේ
අවසන් වරටත් සැතපී ඉන්නයි
සිහිසුන් වී පා මුල වැටුනේ


සිත් රූ සොබාහි  කවිපන්තියකට ලියූ පිළිතුරු පද වැලකි
අප හමුවී වෙන්වූ වෙරලේ

Sunday, 5 June 2011

ඉකිබිඳින සමනලියට

 
හිතට උඩින් අඩි තිය තිය නුඹේ ළගින් මම ගියදා
දුරින් ඉඳන් සෙනෙහේ පුරන ඔය සෙනෙහස මට  දැණුනා
ළඟින් ඉඳන් මල් පුදන්න ආසාවෙන් මම ආ දා
නුඹේ සිතින් පුංචි ඉඩක් මට දී ඔබ සිනාසුනා

නුඹට හොරෙන් හොරකම් කල සිතට මමත් පෙම් බැන්දා
පැතුම් පුරන නෙත් අද්දර සීතල කඳුලක් රන්දා
සංසාර් දුරින් දුරට පියමනින්න සිත පහදා
හැමදාමත් ලඟින් ඉන්න සිත පුරාම මම පැතුවා

අතේ මිටේ නැති උනාට හිතේ සෙනේ වැඩි හින්දා
සඳක් වගේ පායා මම හිත් යායාම එළිය කලා
පිපුනු මලක් වගේ හැඩට හිත අද්දර තනි රැක්කා
ජීවිතයේ දුක සැප ළඟ ගිමන් හලත් මමම උනා

ගඟක් ළඟට
ඉවුරක් ලෙසට සදා ඉන්න සිත දුන්නා
ඉරක් ලෙසින් පා‍යාවිත් මල් මුවරඳ පිනි සින්ඳා
බොළඳ සිතට  හීන අහුරු අරන් ඇවිත් මම දුන්නා
දිගන්තයේ අතරමන්ව හීන පහස ඔබ වින්ඳා

දුරින් දුරට අඩි තිය තිය නුඹෙන් දුරට පිය මැන්නා
හිඟන්නියක් ලෙසින් හඬන හැඩුම් සිතට වද දුන්නා
තුරුලු කරන් හිස අතගෑ නූඹව සිතින් පැන්නූ දා
මටත් හොරෙන් මගේ ඇස් වල කඳුලු පොකුරු මල් පිපුනා

හදාගන්න ඔය පොඩි හිත නුඹට දුරින් මම උන්නා
හිතත් එක්ක විඳින දුකට මමත් හොරෙන් ඉකිබින්ඳා
නුඹේ සුවඳ තව මලකින් නැහැපුඩු පිනවන හින්දා
ඒ මල ලඟ ජීවිතයම පුදදී මම සිත් බැන්දා



මානස විලේ හංසගේ කවියට  සුදු හංසිය ලියූ පිළිතුරු කවියකි