Showing posts with label සින්දු සිංහලෙන්. Show all posts
Showing posts with label සින්දු සිංහලෙන්. Show all posts

Wednesday, 4 June 2014

යලි ඇරඹේවා ලොව අළුතින්




දෙනෙතේ කඳුලක් වී ඉන්නම් මම
සදාතනික සෙනෙහස පුරමින්
ජන්මෙන් ජන්මෙට  රැදෙන්න ඇති ලඟ
සිත යන්නේ නැහැ ඔබේ ලඟින්

සිතමි සියක් වර පතමි පැතුම් මම
නවතීවා මේ ලොව මෙතැනින්
ඔබ මාගේ වී මම ඔබගේ වී
යලි ඇරඹේ නම් ලොව අළුතින්

කඳුලැලි ගල්වී සිතිවිලි ගොළුවී
ඔබගේ වන්නට එක මොහොතින්
සදාතනික පෙම් සුසුමක්  වීලා
සැඟවෙන්නම් ලය තුල රහසින්... 


Tuesday, 20 November 2012

සෙනෙහස ඔසුවකි




සුවඳයි සැනසුම වාගෙම සෙනෙහස
පිළිගෙන විඳින්න සඟවා නොඉන්න
ලාලසී රසයෙන් හමුවුනි දෙනයන
ලංවී හිඳින්න සෙනෙහස වඩන්න 

ඊයේ අප හට අහිමිවු රැය නැත
අද නව දිනයකි රැය අප සතුවිය
පැටලී  තැවරී හිත හිරිවට්ටන 
ආසයි විඳින්න ඒ හැඟුමන් මම 

හදවත හැගුමට සීමාවන් නැත
වලාකුලේ පා තබමින් ඇවිදිත
ගඟුලකි මගේ හිත ගලනා නොනැවත 
එහෙත් විටෙක මම ජලයෙත් ඇවිදිත.



Sunday, 26 August 2012

හඬවන මතක!



වියලි හැඟුමන් ගල් ගැසී
වැසි වසියි දෙනුවන් තෙතයි
මේ වෙන්ව යන සෘතුවයි
කඳුලු කැට කොපුලට වැටෙයි.

අඳුර නිමැවුරැයක හමුවු
මිතුරු දම හවදත වෙලයි
මමම පමණයි ඉතිරි මා හට
අඳුර සේ මිතුරන් මියෙයි.

සිතට සපතමි දැඩිව සිතනෙමි
නුඹ මගේ සිහිනෙන් දුරයි.
නුඹ එපා යැයි මම කියන මුත්
මට හොරන් මගේ හිත හඬයි

මතක අතරින් මවෙත ඇවිදින්
හිතේ ඉඩ කඩ හැඩි කරයි
ආදරේ නෑ කියා කිය සිතුවත්
නුඹ ගැනම මසිතට සිතෙයි

අන් අයෙකු නොව නුඹත් මමමයි
වේදනාවෙන් මුත් සිතෙයි
වේදනාවත් මගේ නිසාවෙන්
නෙතට හිමි කඳුලුම තමයි





Friday, 20 January 2012

මේ තමයි පාට ආදරයේ වචන වල.....




සිහින කවුළුව ලඟට ඇවිදින්
ඔබ බලා සිටියා
ඇවිදිමින් මගේ නිදි දෙනත් ලඟ 
ඔබ හැගුම් මැව්වා


ලියා පෙම්වත් වදන් හැඩයට
හසුන මට දීලා
නිමේෂය ගෙවෙනවා නොදැනේ
ඔබ ලඟින් සිටියා


වසන්තය ඇවිදින් සිනාසේ 
සිතුම් පොදි දල්වා
ශාන්තිය මඟ හැරි ලතවෙමි
ඔබේ සුව දැනුනා


මගේ හදවත හැගිම් කැමතියි 
මුල්ම වසන්තය හිනැහුනා
ආදරේ පැහැයෙන් ගියාලා
නැවුම් පද වැල් ගැලපුවා


විටෙක ඔබ මහ පොළව සරසා
ඇතැම් විට සඳ සැරසුවා
මගේ නෙත් මට අහිමි කරලා  
මගේ සුසමේ සැඟවුනා


අපේ හදවත් නිවස සරසමු
හඳ ගැස්ම තවරා
ලොවක් නැති මුත් ඔබත් ලඟ ඇත
බියක් නෑ දිවියම පුරා


අමතකයි මොහොතකට මුළු ලොවට 
වසන්තය සිත සරසලා
ශාන්තිය මගහැරී ලත වෙමි
මුල් වසන්තය පැමිණිලා


කුණාටුවකට අකුණු හඬකට 
පා සළඹ හඬ මුසු වෙලා 
කියන තනුව වසඟ වීලා
සුළඟ රඟ දෙයි නැලවිලා 


කඩා හැලෙනා සුදු වාලාකුළු 
ඔබව සිප ඇදිලා ගියා
වැස්ස වැටෙනා නිමක් නැති හැඩ
ඔබයි ඇන්දේ හැඩ මවා


සෙනෙහස් මන දොළ සිත් පුරා 
සිහිනත් ඔබ හැන විමසුවා
මගේ හදවත් ලැගුම් ගත් ඔබ
ආදරේ පැහැ තැවරුවා

Saturday, 9 July 2011

පුංචි ආදර කතාව



රත්තරනේ නෙත් අද්දර රැදෙන්න
මගේ මුළු දිවියම ඔබම නිසා
මගේ නෙතු ඇසිපිය සිරුර ආත්මය
ඔබමයි කියනට මුහුන බලා

ආදර උයනේ මල් ලෙස සුපිපෙමු
මලක් සිඹින තව මලක් වෙලා
ඇසුවෙමි මාගෙන් මා කවුරුන්දැයි
නුඹ යැයි පිළිතුරු දුනිමි මෙමා

මල් මල් යායක මල් අතරේ සිට
මල් මෙන් හිනැහුනු මතක කියා
මල් වට කරගෙන මල් ගොමු අතරින්
කතා කලා ඔබ එන්න කියා  

සිරි පොද වැසිසේ තෙමෙමින් රඟ දෙන
දඟකාරිය ඔබ මගේම නිසා 
තුරුලේ සැතපෙන අහිංසකාවිය
හද ගැස්මයි නුඹ මට දැනුනා

සිටිනෙමි තනිවම මේ තනි මාවත
පිළිරූව සේ මග බලමින් මා 
පැමිනෙනු පෙම්වත් දෙනෙත් ළඟට ඔබ
මගේ තනිකම දුරකට හරදා

සඳ මඩලේ අපි ගෙයක් සදාගෙන
සිටිමුද පෙම් මිහිරේ වෙලිලා
අමුත්තන් ඇවිත් දොර ලඟ හිඳිවි
නොම දත්සේ ඉඳිමුද දෙදෙනා

ජලයත් මිහිකත දෙදෙනා ලෙස අප
විදිනා විට පෙම් සුව වෙලිලා
මල් මෙන් සුපිපෙන් රත්තරනේ ඔබ
අපි අපගේ වන්නෙමු සැමදා