සෙනෙහසේ අරුත සොයමිනනොගියෙමි මං මුලාවී මම
හිමියනි සිටියා ඔබම
මා වෙනුවෙන් හැම භවයකම.........
එක්ව ආ මග සසර හැම කල
ගෞතම බුදු බවට තෙක් දුර
සිටියා මහමෙරක් ලෙස ඔබ
වෙන්ව වැඩියත් පතා බුදු බව........
කිඳුරු කුලයේ ඉපිද
ලෙහෙන් කුලයේ පෙම් බැඳ
හංස කුලයේ සිටන් ඇත් කුලයට
මනුසත් භව වලත් උන්නා ලඟ ලඟම...........
සසර ගමනේ දිගටම
හිමිත් මම ගෙව් මග දුර
පවසන්න අවසර
යශෝදරා ලෙසින් අද සිට

