Monday, 4 June 2012

කාලය මැව් වෙනස



අද....
දුහුලු ගවොමක් ඇඟලා 
වීදියේ පහන් කණුව යට  සිට
අසයි

"නිවන්නද මම ඔබේ සරත"

එදා...
සූසැට අබරණ පළඳා
පරිවාර ස්ත්‍රීන් වට කර සිටි 
අම්බපාලි කුලයේ ඇය




Thursday, 24 May 2012

සිතුවිලි ප්‍රාර්ථනා

ඔබේ පෙම් සිතුවිලි ප්‍රාර්ථනා
සිහින සතම අද සැබෑ වෙලා
සුබ පැතුමක් පතනට සිත කීවා
පන්හිඳ මේ කවි පද ගෙතුවා


මාල සතක් ගෙල වට පළදා
කුංකුම අංජන  නෙතු තවරා
සුදු සේලෙන් සැරසී සිත් සනහා
පෙම්බරයෙකු හා පිටව ගියා


නෙතු අග මුතු කඳුලක් රඳවා
යුවතිය පතිනිය වී  ගියදා
ඇය සතුටින් හසරැල් නඟනා විට
නෑ සියයන් රහසින් හැඩුවා


වක්කඩ කැඩුවා සේ මැවෙනා
සිනා කැළුම් හසරැලු උතුරා
හදවත රිද්මය  දෙනෙතින් මැවුනා
මනාලියක් යනු පෙනුනා.

Friday, 18 May 2012

නුඹ නමට

සුසුමක් නොවේ සිය දහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමිත් ඇත සොයුර නිරතුරේ


පින්බිමේ පිරිත් සජ්ජායනෙන්
කෝවිලේ සීනු හඬ නද මැදින්
පල්ලියේ යාතිකා රාවයෙන්
ගයමු අපි නුඹ නමට එක හඬින්


ලොව සතර අත ඉදන් රොඳ බැදන්
නුඹ නමින් පෙල ගැසුණු පිරිවරින් 
නිහඬ ලොව බිඳදමා මිතුදමින්
සවන දෙන්නෙමු නුඹට ඉක්මනින්


පලි : වසරකට එපිට ලියා ගයන්නට බැරිවු ගීතයකි!

Tuesday, 15 May 2012

මම

තරුවක් වත් තැනි අහසක
ලා එළියෙන් ලොව සරසන
තනිවුනු අඩ සඳ,


කණාටු බොල් පෙළවක 
දිය බිඳක් නැතිව වැඩෙන
පතොක් මල 





සිඳියන දිය කඩිත්තක
ගල්බෙනයක් තුල සැඟවුන
ඉතිරිවු දිය පොද



___________________________________

කලා සොළොස ඇති රෑක
තරු එලි පරදවා දිලෙමි 
එහෙත් 
අද
අඩ සඳක් මම



වස්සනායේ වැහි වහින දාට
හැඩ පාටින් දිලෙමි
එහෙත් 
අද
කණාටු මලක් මම


කඳ ශිකරය සශ්‍රීකවුනු දාට
තිල් කැටේට දිලිසෙමි
එහෙත්
අද
පුංචි දිය බිඳක් මම 


Friday, 4 May 2012

දියණියේ


අරුත් නැති ලෝකයක් හමුවේ
සිනා සෙන්නට වෙර දරන නුඹ
නමක් නොම දත් මලක් සිඹිමින් 
ආදරේ සුව සොයනු කෙලෙසද

සිතක සිතිවිලි වාන් දමනා
යොවුන් වයසේ කිරිලියේ නුඹ
නුඹට පෙම් නැති සිතක් වෙනුවෙන්
නෙත් ඉමේ කඳුලක් දරණු කිම

සිනාවේ මායිම් තනන්නට
සිත් පොඩිය හැඟුමින් වෙලාගෙන
ඈත ක්ෂිතිජයේ මංමුලාවී 
මිරිඟුවට තව පෙම් බඳිනු කිම 

තෙතක් නැති ගල් හිතක් අබියස 
බවුන් වඩනා තවුසියක් ලෙස
තවත්නම් දුර නොයා ඉඳපන්
අතරමන් වෙයි නුඹත් අහිමිව 


සිතුම් මුතුහර ගිලී ගියදෙන් 
හඩන්නට නම් එපා මගේ දුව
නුඹට පෙම් නැති සිතත් විඳවයි
පෙමක අරුමය දුටුව දිනයක 

Tuesday, 24 April 2012

අකීකරු දෙනෙත




මටත් අහිමිවු බොළද සිතකට

සිතුම් අරුමැසි වැසි වහින කල

අකීකරු නෙත තෙමී සැලුනේ

අරුත් නැති කදුලකිනි හිමි සද





අනෝරා වැසි වැටෙන මෝසම

සිනා මල් පොඩි තලා දැමුවද

සදා කල් පෙම් බදිමි වැස්සට

අකීකරු නෙතු තෙමන හින්දම





අනන්තෙ මිරිගුවක සැගවුන

රන් රුවක් ලෙස පෙනෙයි නම් ඔබ

ඇත සිට නෙත් හෙලා හිදිනෙමි

අකිකරු නෙත් තෙමාගෙන මම


Published with Blogger-droid v2.0.4

Wednesday, 18 April 2012

ඉවසීමේ අන්තිම සීමාව

ජීවයක් සොයන්නට

අරමුණක සිරගතව

කාලයක් ගෙව් අරුම හීනයක් නම්



සිහින මන්සල අසල

අතරමන් හිත් පොඩිය

ලොකයක් සමග පොර බදනවා නම්



ආලයක් නුදුටු සිත

කෝල කම් ඉවසගෙන

ලොවේ ගැරහුම් තවම විදිනවා නම්



කාලයක් එනු ඇතිය

සිත් විඩා නිවන්නට

ඉවසුමේ සීමාව පැන ගියෝතින්



සිත් බිදී නෙතු හඩා

ලොවෙන් ගැරහුම් ලබා

තමන්ගෙ උන් අතැර ගියාමුත් මන්



සිතේ පතුලේ කොනක

සදා කල් රැදෙනු ඇත

සෙනෙහසක් නොවුනු මිතු දමේ රසයන්


Published with Blogger-droid v2.0.4