අරමුණක සිරගතව
කාලයක් ගෙව් අරුම හීනයක් නම්
සිහින මන්සල අසල
අතරමන් හිත් පොඩිය
ලොකයක් සමග පොර බදනවා නම්
ආලයක් නුදුටු සිත
කෝල කම් ඉවසගෙන
ලොවේ ගැරහුම් තවම විදිනවා නම්
කාලයක් එනු ඇතිය
සිත් විඩා නිවන්නට
ඉවසුමේ සීමාව පැන ගියෝතින්
සිත් බිදී නෙතු හඩා
ලොවෙන් ගැරහුම් ලබා
තමන්ගෙ උන් අතැර ගියාමුත් මන්
සිතේ පතුලේ කොනක
සදා කල් රැදෙනු ඇත
සෙනෙහසක් නොවුනු මිතු දමේ රසයන්
Published with Blogger-droid v2.0.4
ම්ම් ම්ම්....
ReplyDelete