
මටත් අහිමිවු බොළද සිතකට
සිතුම් අරුමැසි වැසි වහින කල
අකීකරු නෙත තෙමී සැලුනේ
අරුත් නැති කදුලකිනි හිමි සද
අනෝරා වැසි වැටෙන මෝසම
සිනා මල් පොඩි තලා දැමුවද
සදා කල් පෙම් බදිමි වැස්සට
අකීකරු නෙතු තෙමන හින්දම
අනන්තෙ මිරිගුවක සැගවුන
රන් රුවක් ලෙස පෙනෙයි නම් ඔබ
ඇත සිට නෙත් හෙලා හිදිනෙමි
අකිකරු නෙත් තෙමාගෙන මම
Published with Blogger-droid v2.0.4
බලා හිද දුර යවා නෙතු යුග
ReplyDeleteසදාකල් නුඹ සොයන දෙනුවන
විතරක්ම දැක කුමට පෙම්වත
නොදැක නුඹහට පෙමැති හදවත..
උපරිමයි! 10 න් 10 ම දෙනවා!!
ReplyDeleteආකාහේ සුදු දිලෙන සඳකට
ReplyDeleteපෙම් කරේ ඔබ ඇයිද මෙතරම්
සීත රැය ගෙවෙමින් දිවෙන විට
වෙන්ව යන සඳ නොයේ නැවතත්...
(ගැළපුනේ නැද්ද මංදා)
comment word verification අයින් කරන්න ඉක්මනටම