තරුවක් වත් තැනි අහසක
ලා එළියෙන් ලොව සරසන
තනිවුනු අඩ සඳ,
කණාටු බොල් පෙළවක
දිය බිඳක් නැතිව වැඩෙන
පතොක් මල
සිඳියන දිය කඩිත්තක
ගල්බෙනයක් තුල සැඟවුන
ඉතිරිවු දිය පොද
___________________________________
කලා සොළොස ඇති රෑක
තරු එලි පරදවා දිලෙමි
එහෙත්
අද
අඩ සඳක් මම
වස්සනායේ වැහි වහින දාට
හැඩ පාටින් දිලෙමි
එහෙත්
අද
කණාටු මලක් මම
කඳ ශිකරය සශ්‍රීකවුනු දාට
තිල් කැටේට දිලිසෙමි
එහෙත්
අද
පුංචි දිය බිඳක් මම
දැන් පින්තූරත් කතාකරනවා එහෙනම්...ලස්සනයි ඡායාමාත්‍රයකට පමණක් ඉඩනොතියපු නවමු නිමැවුමක්.
ReplyDeleteකඳ ශිකරය මෙය වැරදි යෙදුමකි කඳු ශිඛරය ලෙස වෙනස් විය යුතුයැ...ටීචෑස්ල උනාම මීට වඩා ස්පෙලිං ඇන් ග්‍රැමර් ගැන සැලකිය යුතුයි නොවැ...
ReplyDelete//කණාටු බොල් පෙළවක
ReplyDeleteමෙතනත් පොඩ්ඩක් හදන්න. නැවුම් අදහසක්.
ජයවේවා.......!
සස්සනායි................. :)
ReplyDeleteමේක නන් ලස්සනයි ඇ........
ReplyDeleteහෙට දිලෙන බව විශ්වාස නම්
ReplyDeleteඒ අරමුණ ඔස්සේ කටයුතු කරන්න..
ජය!
හිතාගන්න බැහැ..
ReplyDeleteනියමයි !
ලස්සනයි.... පිංතූර ටික ඊට වඩා දේවල් ටිකක් කතා කරනව වගේ දැනෙනව..
ReplyDelete