සිහින කවුළුව ලඟට ඇවිදින්
ඔබ බලා සිටියා
ඇවිදිමින් මගේ නිදි දෙනත් ලඟ
ඔබ හැගුම් මැව්වා
ලියා පෙම්වත් වදන් හැඩයට
හසුන මට දීලා
නිමේෂය ගෙවෙනවා නොදැනේ
ඔබ ලඟින් සිටියා
වසන්තය ඇවිදින් සිනාසේ
සිතුම් පොදි දල්වා
ශාන්තිය මඟ හැරි ලතවෙමි
ඔබේ සුව දැනුනා
මගේ හදවත හැගිම් කැමතියි
මුල්ම වසන්තය හිනැහුනා
ආදරේ පැහැයෙන් ගියාලා
නැවුම් පද වැල් ගැලපුවා
විටෙක ඔබ මහ පොළව සරසා
ඇතැම් විට සඳ සැරසුවා
මගේ නෙත් මට අහිමි කරලා
මගේ සුසමේ සැඟවුනා
අපේ හදවත් නිවස සරසමු
හඳ ගැස්ම තවරා
ලොවක් නැති මුත් ඔබත් ලඟ ඇත
බියක් නෑ දිවියම පුරා
අමතකයි මොහොතකට මුළු ලොවට
වසන්තය සිත සරසලා
ශාන්තිය මගහැරී ලත වෙමි
මුල් වසන්තය පැමිණිලා
කුණාටුවකට අකුණු හඬකට
පා සළඹ හඬ මුසු වෙලා
කියන තනුව වසඟ වීලා
සුළඟ රඟ දෙයි නැලවිලා
කඩා හැලෙනා සුදු වාලාකුළු
ඔබව සිප ඇදිලා ගියා
වැස්ස වැටෙනා නිමක් නැති හැඩ
ඔබයි ඇන්දේ හැඩ මවා
සෙනෙහස් මන දොළ සිත් පුරා
සිහිනත් ඔබ හැන විමසුවා
මගේ හදවත් ලැගුම් ගත් ඔබ
ආදරේ පැහැ තැවරුවා
අර මොකොද අරයා පොත තියාගෙන කකුලෙ ලියන්නේ?
ReplyDeleteලස්සනයි !
ReplyDeleteආදරය ගැන වචන මාත්‍රයකින් පදවැලකින් ගලපන්න අපහසු වුනත්
ReplyDeleteආදරය දැවටෙන තැනක් ගැන කියන්න එච්චර අමාරු නෑ..
ලස්සනයි අක්කණ්ඩි
සතුට වැඩි කමකින්දෝ මන්දා අකුරුත් වැරදිලා ටිකක්...
ReplyDeleteෂා.... ශෝයිනේ.. ලස්සනයි අක්කියෝ.....
ReplyDelete