වියලි හැඟුමන් ගල් ගැසී
වැසි වසියි දෙනුවන් තෙතයි
මේ වෙන්ව යන සෘතුවයි
කඳුලු කැට කොපුලට වැටෙයි.
අඳුර නිමැවු, රැයක හමුවු
මිතුරු දම හවදත වෙලයි
මමම පමණයි ඉතිරි මා හට
අඳුර සේ මිතුරන් මියෙයි.
සිතට සපතමි දැඩිව සිතනෙමි
නුඹ මගේ සිහිනෙන් දුරයි.
නුඹ එපා යැයි මම කියන මුත්
මට හොරන් මගේ හිත හඬයි
මතක අතරින් මවෙත ඇවිදින්
හිතේ ඉඩ කඩ හැඩි කරයි
ආදරේ නෑ කියා කිය සිතුවත්
නුඹ ගැනම මසිතට සිතෙයි
අන් අයෙකු නොව නුඹත් මමමයි
වේදනාවෙන් මුත් සිතෙයි
වේදනාවත් මගේ නිසාවෙන්
නෙතට හිමි කඳුලුම තමයි
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,පද ටික ලස්සනයි!
ReplyDeleteආදර කවි.ලස්සන වචන ටික...
ReplyDelete