රත්තරනේ නෙත් අද්දර රැදෙන්න
මගේ මුළු දිවියම ඔබම නිසා
මගේ නෙතු ඇසිපිය සිරුර ආත්මය
ඔබමයි කියනට මුහුන බලා
ආදර උයනේ මල් ලෙස සුපිපෙමු
මලක් සිඹින තව මලක් වෙලා
ඇසුවෙමි මාගෙන් මා කවුරුන්දැයි
නුඹ යැයි පිළිතුරු දුනිමි මෙමා
මල් මල් යායක මල් අතරේ සිට
මල් මෙන් හිනැහුනු මතක කියා
මල් වට කරගෙන මල් ගොමු අතරින්
කතා කලා ඔබ එන්න කියා
සිරි පොද වැසිසේ තෙමෙමින් රඟ දෙන
දඟකාරිය ඔබ මගේම නිසා
තුරුලේ සැතපෙන අහිංසකාවිය
හද ගැස්මයි නුඹ මට දැනුනා
සිටිනෙමි තනිවම මේ තනි මාවත
පිළිරූව සේ මග බලමින් මා
පැමිනෙනු පෙම්වත් දෙනෙත් ළඟට ඔබ
මගේ තනිකම දුරකට හරදා
සඳ මඩලේ අපි ගෙයක් සදාගෙන
සිටිමුද පෙම් මිහිරේ වෙලිලා
අමුත්තන් ඇවිත් දොර ලඟ හිඳිවි
නොම දත්සේ ඉඳිමුද දෙදෙනා
ජලයත් මිහිකත දෙදෙනා ලෙස අප
විදිනා විට පෙම් සුව වෙලිලා
මල් මෙන් සුපිපෙන් රත්තරනේ ඔබ
අපි අපගේ වන්නෙමු සැමදා
ලස්සන කවි පෙලක්. උඩ පින්තූරෙත් ලස්සනයි.
ReplyDeleteකවීගේ කවි ඉතින් කෝමත් ලස්සනයිනේ :)
ReplyDeleteප්රියන්ත අයියා.. ඔය පිංතූරේ අදාල ෆිල්ම් එකත් ෆට්ට ලස්සනයි.. ♥
හරිම ලස්සනයි කවි පෙල..
ReplyDeleteෆිල්ම් එක නම් බලල නෑ මල්ලි. ඒත් ඒකේ කතාව නම් අහල තියනවා. වෙලාවක ෆිල්ම් එකත් බලන්න ඕන.
ReplyDeleteස්තූතියි අයියේ .. මල්ලියෝ සහ නිම්මෂා නගේ
ReplyDeleteඇසුවෙමි මාගෙන් මා කවුරුන්දැයි
ReplyDeleteනුඹ යැයි පිළිතුරු දුනිමි මෙමා.....
... හරිම ලස්සනයි.....