ආපසු හමනා සුළඟක දැවටී
අතීතයට යන්නට ඇත්නම් මට
හමු වෙයි ඔබ මා පෙම්කල දිනවල
මෑව් සිහින අපි දෙදෙනා දෙතැනක
මල් පෙති සුළඟට පාවී ඇවිදින
සුන්දර මල් පාරේ අපි එදවස
හමුවී හිනහී මුණ ගැහුනා අප
මකතයි තාමත් ඒ සුන්දර රස
දින සති ගෙවිලා කල් ගතවන් විට
අපේ සෙනෙහසේ දුක්බර දවසක
ඔබමයි මල් පෙති සිඳ බිඳ දැමුවේ
අප හදවත්වල සුපිපුණු මල්වල
ලෝකය මා වෙත නගනා මේ දොස
ඔබ හින්දයි මා නොකලෙමි මෙවරද
ඔබ නිවැරදි යැයි ඔබම කියන සඳ
මා නිවැරදි බව කියනුයේ කවුරුද
"ඔබ නිවැරදි යැයි ඔබම කියන සඳ
ReplyDeleteමා නිවැරදි බව කියනුයේ කවුරුද"
මේ කෑල්ලට තමා මම ආසම
ලස්සනයි ....
ReplyDeleteආදරය පසෙකට වී
ReplyDeleteලෝකයේ ගැරහුම් ඉදිරියට එන සඳ
නැවත කුමටද පසු විපරම්
වෙන්වීම යනු මිසක...
ඔහු නිවැරදි යැයි ඔහුම කීවද...
ReplyDeleteඔබේ නිවැරදි බව කවුරු නොදන්නෙද...
දෑසේ කඳුලැලි එකතු කරන්නද...
ආදරෙ සෙව්වේ ආදරේ නැති හද..
ලස්සනයි!!!!!!!
ReplyDelete