පයට පැගී සිතුම් හඬවන
අහිංසක පෙම් කැකුළු මල්වල
සැවඳ දැනුනේ දැන්ද ඔබ හට
මිලින වී පෙති හැලී යන විට
නොවක් මල් ලොව පිපී තිබුනද
එකම මල මම ඔබට පෙම් කල
මේ තරම් ගැරහුම් ලොවින් මට
ලෙහෙසියෙන් පිදු නිසයි සෙනහස
මලට වැටෙනා පිනි පොට්ටු ලෙස
කඳුලු වැටුනද නොමැත දොම්නස
දුක නොමැතිනම් ඔබේ සිත ලඟ
කුමට විඳිනුද මමත් මේ දුක
එකම පෙත්තක් සතුව බිහිවුන
මලකි එක්පෙති මම ඔබේ ලඟ
නෙලාගන්නේ නොමැති නම් ඔබ
මිලින වනු මිස මක් කරන්නද
හරිම ලස්සන වචන..
ReplyDeleteනෙලාගන්නේ නොමැති නම් ඔබ
මිලින වනු මිස මක් කරන්නද
නෙලාගන්න පින නැති සඳ
ReplyDeleteමිලින වී
කුමක් කරමිද සොඳ