නෙතට කඳුලැලි ගෙනත් දුන්දා
හැඬුවේ නැහැ මම ඉකි ගසා
සිතෙන් රස විඳි අහිමි පෙමකට
කඳුලු පෑහෙන් නැති නිසා
නෙතට රසඳුන වුනා නුඹ මට
සවන ඔය හඬ සැනසුවා
සිතෙහි සැනසුම නුඹ නිසා මම
අහිමි බව දැන පෙම් කලා
දුරක සිටි නුඹ තවත් දුර ගොස්
සිතේ සැනසුම නැති කලා
කඳුලු මන්දාරමක් ඇවිඳින්
සිත් අහස වැහිබර වුනා
අකුණු පුපුරා දෙදරවා හද
වැස්ස පෙර මං ඇරඹුවා
නියං සායට වේලිලා නෙත
හද තනිව වැසි වැස්සුවා
වැසි කොඩෙ අවසන්ව දවසක...
ReplyDeleteයලිත් හිරු නැග ඒවි උදයක...
දෑස රිදවූ කඳුළු බිඳුවක..
උනුසුමත් නැති වේවි උදයක...