සිතැඟි විසිරී දෙනෙත බර වී
ඇස් පියන් පෙති පියවිලා
කුරුටු කවි පොත කුරුටු ගෑ කවි
නිල් තීන්තෙන් බොඳවෙලා
අහස පොළවට සමව දුර උන්
නුඹට සිත පෙම් කල නිසා
කුරුටු කවි පොත කඳුලු සැලුවා
නුඹ මගෙන් දුර ගිය නිසා
නුඹට නමින් මං නුඹට ලිව් කවි
නුඹේ නෙත් නොගැටුනු නිසා
කුරුටු කවි පොත බොඳ වෙනා තුරු
කඳුලු සැලුවා තනිව මා
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී හඩනවා...
ReplyDeleteබොඳවු තින්තෙන් කඳුලු බිඳු හැලෙනවා...
අකුරු මදිවී ලියන්නට තවම කවි තිබෙනවා..
ලියන්ට පෑනෙ තීන්ත මිදි යයි හැඟෙනවා...
ලස්සනයි හංසියේ....
හනේ... අඩන්ට එපා අක්කියෝ...
ReplyDeleteකුරුටු කවිනේ.. සුට්ටක් බොදවුනාට ගනංගන්ට එපා..
ලස්සනයි පැදිපෙල..
හ්ම්...ආයේ අමුතුවෙන් ලස්සනයි කියන්න ඕනද..සුදු අක්කගේ කවි කොහොමත් ලස්සනයි නේ
ReplyDeleteනුඹට යවන්නට ගොරහැඩි අකුරින් මා ලියු කවි,
ReplyDeleteබොඳවී යයි කඳුලින් තෙමී,
මා ලියනා කවි නොඑවමී,පවසමී
වදනින් වදන දිනක අප තනි වී හමු වූ මොහොතක.
මම
ලස්සනම ලස්සනයි..
ReplyDeleteහංස ගීතය අහිමි කරගත් ඔහුට
කුමටද නුඹේ කවි කුරුටු විඳිනට
මගෙ දුකට අඬන්න කුරුටු ගී වත් නෑ !!!
ReplyDeleteහැමදාමත් වගේ පළමු කමෙන්ටුව අයියගෙන් ස්තූතියි ප්‍රියා අයියේ!!
ReplyDeleteස්තූතියි සීනි නංගි... ඔයා හැමදාමත් මේ පැත්තේ එන බව මම දන්නවා :)
ReplyDeleteඔයාටත් ස්තූතියි හිම කුමාරියේ.... :) :)
ReplyDeleteඅනේ..!! දුලාන් මල්ලිත් ඇවිත් ලස්සන කවියකුත් එක්කම ස්තූතියි මල්ලි මේ පැත්තේ ආවාට :)
ReplyDeleteඒත් හංස ගීතය තාමත් ලියැවෙන්නේ එයාටම තමයි කැමීලියා.. ස්තූතියි ආවාට :)
ReplyDeleteකුරුටු ගීයක් ඔයත් ලියන්න තනි අලියෝ.. ස්තූතියි ආවට මේ පැත්තට :)
ReplyDelete