සඳට සඳ රැස් මදි කියා
රැයම කළුවර කර ගියා
දිලෙන තරු එලි ඇති නිසා
සිත නිවන් මම සැනසුනා
හිරුට පෙම් කර පැරදුනා
සදේ රැස් ගැන නොදැනුනා
පුංචි තරු එළියක් සෙවු මුත්
විශ්වයේ මඟ වැරදුනා
අළුත් ආදරයක් කියා
තරු මලක් මට ලං වුනා
හිරුගේ රැස් ගෙන දිලිසුනා දැක
ඒ සෙනේ මට මදි වුනා
තරුත් මා හැර වෙන් වුනා
සඳත් සඳ රැස් සැඟවුවා
අදත් සදහට හිරුට පෙම් බැඳ
සදහටම මම තනිවුනා
හිරු එලිය සැර වැඩියි ....
ReplyDeleteසඳු එලිය සොමි බරයි...
එහෙත් සඳු නැති දිනයි...
තරු එළිය සදා ඔබ ළඟයි...
හිරු රැසින් එළිය ලැබගෙන
ReplyDeleteඅමාවක ආදා සැඟව යන සඳ
නුඹේ නොවෙනා බව සිතා
රැකගන්න වෙර දරනු මැන
නුඹට ලංවූ සොඳුරු තරු මල