Saturday, 24 March 2012
බහු රූ රැඟුම්
ජසයලා ලෙන්චිනා කරලියේ රඟනවා
අපි දන්න කෝලමක් රී මේක් කරනවා
වෙස්මුණු බැඳන් විත් තවුස් සිල් බිඳිනවා
අන්තිමේ වෙස් මූණ මුණටම ඇලෙනවා
වදන් වැකි කියාගෙන මුන්ලෝකේ හදනවා
දෙන්න පුළුවන් තරම උපදෙසුත් බෙදනවා
වෝල් එක පිරෙන්නට නාඩගම් නටනවා
රීමේක් කෝලමේ හොඳ අපිට පෙනෙනවා
පෙම් ගීත කියාගෙන මුත් සිලුත් රකිනවා
දවස සුබ වෙන්න යැයි පරල වී කියනවා
ඉරිසියා දුෂ්ඨ ගති යටිහිතේ වැඩෙනවා
හිනාවෙන ගමන් මුන් රටක් ගිනි තියනවා
තම අතට සෙවනැල්ල තම අතම කියනවා
ඒ උතන් ගැන්සියම අනිකාට කෙලිනවා
පේස් බුක් පිටුවලින් නාඩගම් ගලනවා
මෙවන් බහු රූ රැඟුම් අපි ඉතින් බලනවා.
Monday, 12 March 2012
ඉසිදාසි බාරි මම
සිත පෙමින් පුරවගෙන
හද බැතිය දරාගෙන
හිමි ගෙයට ගියාමුත්
දන්නවා සොඳින් මම
පිටව යා යුතුම බව
බිඳි ගිය කුලගෙයට
සැනසුමක් ගෙන එන්න
කෙනෙකුවත් නැති කලෙක
සිඟන වෙස් පැලඳි නුඹ
නෙත් සලයි ඈත සිට
රුදුරු මුත් දිවි ගෙවුම
දැනුනි ඔබ සොඳුරු බව
නොපෙනෙනා හෙට දිනට
හිමියනේ ඔබ සමඟ
පිය නැගිමි කුමරි මම
ඉවත්කර දිළිඳු රුව
රජ කෙනෙකු කලත් ඔබ
හැර ගියා හිමියනේ
පෙර කරපු ඒ පවට
ඉසිදාසි බාරි මම
හද බැතිය දරාගෙන
දන්නවා සොඳින් මම
පිටව යා යුතුම බව
බිඳි ගිය කුලගෙයට
සැනසුමක් ගෙන එන්න
කෙනෙකුවත් නැති කලෙක
සිඟන වෙස් පැලඳි නුඹ
නෙත් සලයි ඈත සිට
රුදුරු මුත් දිවි ගෙවුම
දැනුනි ඔබ සොඳුරු බව
නොපෙනෙනා හෙට දිනට
හිමියනේ ඔබ සමඟ
පිය නැගිමි කුමරි මම
ඉවත්කර දිළිඳු රුව
රජ කෙනෙකු කලත් ඔබ
හැර ගියා හිමියනේ
පෙර කරපු ඒ පවට
ඉසිදාසි බාරි මම
Sunday, 4 March 2012
සිහිල් සිතිවිලි්
විසුල සිතුවිලි
එකතු කරගෙන
සසලසිත කවි පබදිනා කල
ඔබ ගැනම කවි ගොඩක් ලියලා
නොමදනොමි සබදේ කිසිත් මම
Published with Blogger-droid v2.0.4
Friday, 2 March 2012
දුරක ඔබ ඇදෙනවා
ආකාසේ තරු ගන්න
මං හීන මවනවා
මල් රේණු දෝත මත
පර වෙලා වැටෙනවා
සිත් දෑලේ දැවටෙන්න
මං කෝල කරනවා
සමනලුන් සිත් යාය
පුරාවට නටනවා
උර හිසේ සුව ගන්න
සිතුම් ඉකි බිඳිනවා
නෙත් දෑල නොපැටලී
දුරක ඔබ ඇදෙනවා
ඔබේ ලෝකේ රජ වෙන්න
සිත පෙරුම් පුරනවා
මේ වදන් නොදත් සේ
ඔබ බලා සිටිනවා..... :'(
Tuesday, 28 February 2012
Sunday, 26 February 2012
ඉටි පහන් එළිය මම
පළගැටි සේනා දැවි දැවි මියගිය
වැලි බිස්සේ දුහුවිල්ල පුරා
නිසසල පැහැයෙන් දීදුලමි සැමකල
සොහොන් කොතේ ඔබ නිදන තුරා
දෙනුවන ලඟ රැඳි සෙනෙහස් හසුනක
ආදරයේ පද පේලි ලියා
ගල් පත්තිරුමත දැලි රූ මවනෙමි
ඔබ ගිය ලොවකට පෙනෙන තුරා.
නිසසල උදයක වැසිබර සවසක
එකලෙස මම දිලෙනෙමි සැමදා
සුදු වත හැඳගෙන ඇය ඇවිදින් කියු
කඳුලේ කවි නිමවනා තුරා.
.jpg)
Saturday, 25 February 2012
ලඟ ලඟයි මුමුණනු ඇසේ
සිනා නොමසෙන ඔය මුවේ
සිනාහ හස කැන් මට පෙනේ
සෙනෙහසක් නැති නෙත් අගේ
සෙනෙහසේ පැතුමන් සැලේ
නොපෙනෙනා දුර වසන්තේ
ලඟ ලඟයි මුමුණනු ඇසේ
දුරයි මුත් සඳ ගගනතේ
නෙත් ලඟින් පෙනි පෙනි පිපේ
Subscribe to:
Posts (Atom)



