පළගැටි සේනා දැවි දැවි මියගිය
වැලි බිස්සේ දුහුවිල්ල පුරා
නිසසල පැහැයෙන් දීදුලමි සැමකල
සොහොන් කොතේ ඔබ නිදන තුරා
දෙනුවන ලඟ රැඳි සෙනෙහස් හසුනක
ආදරයේ පද පේලි ලියා
ගල් පත්තිරුමත දැලි රූ මවනෙමි
ඔබ ගිය ලොවකට පෙනෙන තුරා.
නිසසල උදයක වැසිබර සවසක
එකලෙස මම දිලෙනෙමි සැමදා
සුදු වත හැඳගෙන ඇය ඇවිදින් කියු
කඳුලේ කවි නිමවනා තුරා.
.jpg)
අනේ මන්දා.. කවිය තේරුන් ගන්න අමාරුයි.. සැර වැඩිද මන්දා...
ReplyDeleteමාර ක්‍රියේටිව්
ReplyDelete