හද බැතිය දරාගෙන
දන්නවා සොඳින් මම
පිටව යා යුතුම බව
බිඳි ගිය කුලගෙයට
සැනසුමක් ගෙන එන්න
කෙනෙකුවත් නැති කලෙක
සිඟන වෙස් පැලඳි නුඹ
නෙත් සලයි ඈත සිට
රුදුරු මුත් දිවි ගෙවුම
දැනුනි ඔබ සොඳුරු බව
නොපෙනෙනා හෙට දිනට
හිමියනේ ඔබ සමඟ
පිය නැගිමි කුමරි මම
ඉවත්කර දිළිඳු රුව
රජ කෙනෙකු කලත් ඔබ
හැර ගියා හිමියනේ
පෙර කරපු ඒ පවට
ඉසිදාසි බාරි මම
අනේ දුක හිතෙන කතාවක් වෙගේ එකක්
ReplyDelete