න

සඳක් නිසා ඔබ පුර පසලොස්වක අහසක
මට බයයි අහිමි වෙයි කියලා මේ මුදු සැනසුම
හීනයක් වෙලා නෙත පිනවන පින්බර ඔය සඳ
බැස ගියොත් සිතට කුමක් වේද නොදනිමි මම තව
නිම්නයක් සුවඳ කරවා පිපි පුංචි සමන් මල
අප නමින් පිපි සුවඳ බෙදයි පරව යාද එය
ඒ ලෙසින් සිතුම් සිතට ගෙනෙන ඔබගේ දඟ වැඩ
තව තවත් කරන්නෙපා සුදෝ රිදෙනවා මගේ හිත
ඔබ හඳක් නිසා මම වෙන්නම් තරුව ඔබේ ලඟ
මා තනිකර ඔබ බැස ගියොතින් තනි වෙයි පොඩි මම
ඔබ තමයි එළිය දෙන්නේ පොඩි තරුවක් වුනු මට
හැර යන්න එපා දුප්පත් හිත හඬාවි ඉකි බිඳ
පොඩි උනත් මහමෙරක් මගේ හිත දන්නවාද එය
සත් සමුදුර මට වෙන්න හිතයි ඈතට විහිදෙන
මුළු ලොවටම කෑ ගසා කියන්නට මගේ සෙනෙහස
මට සවියක් නැහැ ඔබ හරි නිහඬයි නොවෑ පෙම්වත