Monday, 17 October 2011
සැනසන සිත
ඔබේ සෙනෙහසින් කවිකම් ලැබුවද
තවම නොහැක මට කවක් ලියන්නට
මා සිත නැලවු මා සිත හැඬවු
ඔබ දුන් ඒ සුන්දර හස කැන් ගැන
දරන්න නොහැකිව ලොවේ කුරිරු බව
මා සිත අසරන වී උන් කාලෙක
සෙනෙහස ගෙන සිත් අරනට වැඩි ඔබ
මහමෙව්නාවක් වුවා මගේ ලොව
අපට හොරෙන් අප හිත් වල සුපිපුන
පිච්ච මලේ පෙති විසිරිණ් නොදැනම
වාවනු කෙලෙසද කඳුලේ උනුසුම
ලොවට හොරෙන් වැලපේ සිත ඉකිබිඳ
ඔය ඇස්වල දුටු අපමණ සෙනෙහස
පහන් වැටක් වාගේ සිත සනසන
අහිංසකම හඳ පාන අතේ මට
එවන්න ලියලා පුංචි හසුන් පත
Sunday, 16 October 2011
සෙනෙහසේ කවි කම්
තරු කැකුළු වල හැඩ පරදවන
පුංචි මුතු වන් කඳුලු කැට වල
දිය වෙලා නෙතඟින් ගලා යන
සෙනෙහසේ කවි කම් අසනු මැන
පාරමී පුරමින් නුවන් යුග
සොයන දසුනේ රුසිරු රස විඳ
ගොතයි අතොරක් නැතිව කවි කම්
අපේ සෙනෙහස පිරුණු ලොව ගැන
සිහින මවමින් අපි උනුන් ගැන
සුසුම් සමඟින් ගොස් බොහෝ දුර
යලිත් ආපසු නොඑන ලෙසකට
තව තවත් තටු සලමු ඈතට
ඔබේ නෙත් ලඟ රැඳුනු සෙනෙහස
දරා ගන්නට බැරිව ලතවෙන
මගේ අසරණ බොළඳ සිතිවිලි
ඔබේ උනුසුම සොයයි හැම විට
සුවඳ සොයමින් ඔබේ සුවබර
සිත දුවයි වලකනු කෙලෙස මම
තරු කැකුළු හැඩයට දිලෙන රැය
මා ලඟයි නිදි ලොවේදිත් ඔබ
Saturday, 8 October 2011
වටකුරු අකුරු
ලියන්නට කවි පඳ
අකුරු නොම දත් පන්හිඳ
කඳුලු කැට එක් කොට
ලියයි වටකුරු අකුරු හැඩකොට
අත පත ගගා සිත
සොයමි මතකය නුඹත් මම ගැන
අමතකම වී ගිය
මතක අලුතින් කියමි කවි කොට
හැඩැති අකුරක
ගැට ගසා ලියන කවි පද
නොපෙනෙයි සබඳ නුඹ හට
කඳුලු විනිවිද පෙනෙන හින්දම
කඳුලු යැයි නිඟා කොට
හැරදා ගියත් පන් හිඳ
නුඹ නමින් කවි ලියමින
හඩා වැලපෙමි අහිමි පෙමකට
Friday, 30 September 2011
සුළඟකි නුඹ
කවියක් ලියන්නට
කවිපද නැතුවාට
සිතිවිල්ලෙන්
තුන් සිත බර වුනි මෙහෙම
සුළඟකි නුඹ හෙමින් හෙමින් ඇඳි යන
සිසිලස දැනෙන මුත්
දුටුවේ නැහැ කෙදින
සිඹිනා සුසුම හැමෙකම
සිටි හින්දාම
දුර උව නුඹත් හැමදාමත් මා ලඟම
ගලපන්නට පද හෙව්
මගේ කවි සිතට
හැමදාමත් කවි පද දුන්නේ නුඹය
Friday, 23 September 2011
තවත් සිතිවිල්ලක්
හඬන වැලපෙන සිතුම් පවුරේ
හීන මියැදුණු දුක් කතාවක
පද පෙලක අකුරක් වෙලා කිම
සිනහවක සුව සොයා යමි මම
සිතැඟි අතගා ගොතන කවියක
කඳුලු පදවල මිහිර දැන දැන
සිතට හුරු නැති තවත් කවියක්
ලියන්නට මුල් පොත් තබමි මම
Saturday, 17 September 2011
කඳුලු වැස්ස
නෙතට කඳුලැලි ගෙනත් දුන්දා
හැඬුවේ නැහැ මම ඉකි ගසා
සිතෙන් රස විඳි අහිමි පෙමකට
කඳුලු පෑහෙන් නැති නිසා
නෙතට රසඳුන වුනා නුඹ මට
සවන ඔය හඬ සැනසුවා
සිතෙහි සැනසුම නුඹ නිසා මම
අහිමි බව දැන පෙම් කලා
දුරක සිටි නුඹ තවත් දුර ගොස්
සිතේ සැනසුම නැති කලා
කඳුලු මන්දාරමක් ඇවිඳින්
සිත් අහස වැහිබර වුනා
අකුණු පුපුරා දෙදරවා හද
වැස්ස පෙර මං ඇරඹුවා
නියං සායට වේලිලා නෙත
හද තනිව වැසි වැස්සුවා
Wednesday, 14 September 2011
සදහටම මම තනිවුනා
සඳට සඳ රැස් මදි කියා
රැයම කළුවර කර ගියා
දිලෙන තරු එලි ඇති නිසා
සිත නිවන් මම සැනසුනා
හිරුට පෙම් කර පැරදුනා
සදේ රැස් ගැන නොදැනුනා
පුංචි තරු එළියක් සෙවු මුත්
විශ්වයේ මඟ වැරදුනා
අළුත් ආදරයක් කියා
තරු මලක් මට ලං වුනා
හිරුගේ රැස් ගෙන දිලිසුනා දැක
ඒ සෙනේ මට මදි වුනා
තරුත් මා හැර වෙන් වුනා
සඳත් සඳ රැස් සැඟවුවා
අදත් සදහට හිරුට පෙම් බැඳ
සදහටම මම තනිවුනා
Subscribe to:
Posts (Atom)

