Monday, 17 October 2011

සැනසන සිත



ඔබේ සෙනෙහසින් කවිකම් ලැබුවද
තවම නොහැක මට කවක් ලියන්නට
මා සිත නැලවු මා සිත හැඬවු
ඔබ දුන් ඒ සුන්දර හස කැන් ගැන


දරන්න නොහැකිව ලොවේ කුරිරු බව
මා සිත අසරන වී උන් කාලෙක
සෙනෙහස ගෙන සිත් අරනට වැඩි ඔබ
මහමෙව්නාවක් වුවා මගේ ලොව


අපට හොරෙන් අප හිත් වල සුපිපුන
පිච්ච මලේ පෙති විසිරිණ් නොදැනම
වාවනු කෙලෙසද කඳුලේ උනුසුම
ලොවට හොරෙන් වැලපේ සිත ඉකිබිඳ


ඔය ඇස්වල දුටු අපමණ සෙනෙහස
පහන් වැටක් වාගේ සිත සනසන
අහිංසකම හඳ පාන අතේ මට
එවන්න ලියලා පුංචි හසුන් පත 

Sunday, 16 October 2011

සෙනෙහසේ කවි කම්



තරු කැකුළු වල හැඩ පරදවන 
පුංචි මුතු වන් කඳුලු කැට වල 
දිය වෙලා නෙතඟින් ගලා යන
සෙනෙහසේ කවි කම් අසනු මැන


පාරමී පුරමින් නුවන් යුග
සොයන දසුනේ රුසිරු රස විඳ
ගොතයි අතොරක් නැතිව කවි කම්
අපේ සෙනෙහස පිරුණු ලොව ගැන


සිහින මවමින් අපි උනුන් ගැන
සුසුම් සමඟින් ගොස් බොහෝ දුර
යලිත් ආපසු නොඑන ලෙසකට
තව තවත් තටු සලමු ඈතට


ඔබේ නෙත් ලඟ රැඳුනු සෙනෙහස
දරා ගන්නට බැරිව ලතවෙන
මගේ අසරණ බොළඳ සිතිවිලි
ඔබේ උනුසුම සොයයි හැම විට 


සුවඳ සොයමින් ඔබේ සුවබර
සිත දුවයි වලකනු කෙලෙස මම
තරු කැකුළු හැඩයට දිලෙන රැය 
මා ලඟයි නිදි  ලොවේදිත් ඔබ 

Saturday, 8 October 2011

වටකුරු අකුරු


ලියන්නට කවි පඳ
අකුරු නොම දත් පන්හිඳ
කඳුලු කැට එක් කොට
ලියයි වටකුරු අකුරු  හැඩකොට

අත පත ගගා සිත
සොයමි මතකය නුඹත් මම ගැන
අමතකම වී ගිය
මතක අලුතින් කියමි  කවි කොට

හැඩැති අකුරක
ගැට ගසා ලියන කවි පද
නොපෙනෙයි සබඳ නුඹ හට
කඳුලු විනිවිද පෙනෙන හින්දම

කඳුලු යැයි නිඟා කොට
හැරදා ගියත් පන් හිඳ
නුඹ නමින් කවි ලියමින
හඩා වැලපෙමි අහිමි පෙමකට

Friday, 30 September 2011

සුළඟකි නුඹ


කවියක් ලියන්නට 
කවිපද නැතුවාට
සිතිවිල්ලෙන් 
තුන් සිත බර වුනි මෙහෙම
සුළඟකි නුඹ හෙමින් හෙමින් ඇඳි යන
සිසිලස දැනෙන මුත් 
දුටුවේ නැහැ කෙදින
සිඹිනා සුසුම හැමෙකම 
සිටි හින්දාම
දුර උව නුඹත් හැමදාමත් මා ලඟම
ගලපන්නට පද හෙව් 
මගේ කවි සිතට
හැමදාමත් කවි පද දුන්නේ නුඹය

Friday, 23 September 2011

තවත් සිතිවිල්ලක්



හඬන වැලපෙන සිතුම් පවුරේ
හීන මියැදුණු දුක් කතාවක
පද පෙලක අකුරක් වෙලා කිම
සිනහවක සුව සොයා යමි මම

සිතැඟි අතගා ගොතන කවියක
කඳුලු පදවල මිහිර දැන දැන
සිතට හුරු නැති තවත් කවියක්
ලියන්නට මුල් පොත් තබමි මම



Saturday, 17 September 2011

කඳුලු වැස්ස



නෙතට කඳුලැලි ගෙනත් දුන්දා
හැඬුවේ නැහැ මම ඉකි  ගසා
සිතෙන් රස විඳි අහිමි පෙමකට 
කඳුලු පෑහෙන් නැති නිසා

නෙතට රසඳුන වුනා නුඹ මට
සවන ඔය හඬ සැනසුවා
සිතෙහි සැනසුම නුඹ නිසා මම 
අහිමි බව දැන පෙම් කලා

දුරක සිටි නුඹ තවත් දුර ගොස් 
සිතේ සැනසුම නැති කලා
කඳුලු මන්දාරමක් ඇවිඳින්
සිත් අහස වැහිබර වුනා

අකුණු පුපුරා දෙදරවා හද
වැස්ස පෙර මං ඇරඹුවා
නියං සායට වේලිලා නෙත
හද තනිව වැසි වැස්සුවා

Wednesday, 14 September 2011

සදහටම මම තනිවුනා


සඳට සඳ රැස් මදි කියා 
රැයම කළුවර කර ගියා 
දිලෙන තරු එලි ඇති නිසා
සිත නිවන් මම සැනසුනා 

හිරුට පෙම් කර පැරදුනා
සදේ රැස් ගැන නොදැනුනා
පුංචි තරු එළියක් සෙවු මුත් 
විශ්වයේ මඟ වැරදුනා

අළුත් ආදරයක් කියා 
තරු මලක් මට ලං වුනා
හිරුගේ රැස් ගෙන දිලිසුනා දැක
ඒ සෙනේ මට මදි වුනා

තරුත් මා හැර වෙන් වුනා
සඳත් සඳ රැස් සැඟවුවා
අදත් සදහට හිරුට පෙම් බැඳ
සදහටම මම තනිවුනා