අකුරු අඩු පෙම් කවිය
Wednesday, 4 January 2012
සංසාරේ පැතුම ඔබයි හදේ
සිසිලයි උණුසුම
නිහඬයි කවි සිත
ලඟමයි සඳ නුඹ
මම දැන් ඔබ ලඟ
තරුවකි මට නුඹ
මල් ගොමුවක් ඔබ
පහන් වැටිය ලඟ
බලා හිඳිමි මම
සීතල සුළඟක
සිසිලස ඔබ මට
නලමුදු සුවඳක
සැනසුම ඔබ මට
කියන්න නොදනිමි
සිත ඇති සෙනෙහස
සත්තයි වස්තුව
මම දැන් ඔබ ලඟ
Monday, 2 January 2012
සිතිවිලිත් සීතලයි
රිදුම් දෙන සිතිවිලි අතැර දා
ඇතුල් සිත සක්මන් කරයි.
රුදුරු මැසිවිලි සිත පෙලන දා
සිතුම් සිසිලෙන් ගල් හැසෙයි
නපුරු හදවත් නෙතු තෙමන දා
සිතට රහසින් නෙත හඬයි
සිතේ සැනසුම මට අහමි දා
ලොවෙන් සැඟවෙන්නට සිතෙයි
Tuesday, 27 December 2011
සුබ සිහින
කවිකාර සිත ගොතන
හැඩකාර පද වලට
ඔය මිහිරි හඬ දෙන්න
වැහි සීතලේ......
ඔබ ගාව සැතපෙන්න
නොපියාම නෙත් නිම්න
තුරුලේම සැඟවෙන්න
එන්නම් හොඳේ......
Tuesday, 20 December 2011
ඔබේ මතක
රෑ අහසේ තරුකැට දෙස
බලා සිතට දෙන සැනසුම
රෑ සිහිනෙන් ඇවිත් හොරෙන්
සොරා ගනියි ඔබේ මතක
නෙතට හඬන්නට දෙනු බැහැ
ලොවම සැනසෙනා මොහොතක
මට හැමදා හිරු සඳු වු
ඔබේ මතක ගන්න ඔබම
Wednesday, 14 December 2011
නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය
අසිනි වැස්සට තෙමී තෙත බරිත හඳ මඩල
අනෝරාවක් ලෙසින්නෙතින් හල කඳුලු වැල
රුදුරු තොල් පෙති වැදී රිදුම් දෙන කොපුල් තල
ආදරේ සීත පිණි දියෙන් දැන් තෙමනු මැන
වියලි පොළවට වැටුණු පින්සාර පොද වැස්ස
රුදුරු කතරක දුටුව අහිංසක පතොක් මල
ජීවිතේ කුණාටුව නිවාහල සුළං පොද
නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය
Monday, 12 December 2011
සිත තවම ඉකිබිඳියි කුමරී
හිත හදා ගන්න නෙතු පියා ගනිමි
මුළු රැයමනිදි වරා වෙහෙසී
නුඹ ගිහින් යන්න බිඳ දමා සිහින
සිත තවම ඉකිබිඳියි කුමරී
සතු වෙලා හිටිය නුඹ ,
හැර ගිහින් ඉඳන් අද
මම හඬමි රෑ දිවා වෙහෙසී
සිත තවම ඉකිබිඳියි කුමරී
මල් මිලින රැයක සඳ ගිහින් අවර
කළුවරයි මුළු අහස සබඳී
නුඹ ගිහින් ඉතින් කළුවරයි මුළු ලොවට
සිත තවම ඉකිබිඳියි කුමරී
Friday, 2 December 2011
මිලින වනු මිස මක් කරන්නද
පයට පැගී සිතුම් හඬවන
අහිංසක පෙම් කැකුළු මල්වල
සැවඳ දැනුනේ දැන්ද ඔබ හට
මිලින වී පෙති හැලී යන විට
නොවක් මල් ලොව පිපී තිබුනද
එකම මල මම ඔබට පෙම් කල
මේ තරම් ගැරහුම් ලොවින් මට
ලෙහෙසියෙන් පිදු නිසයි සෙනහස
මලට වැටෙනා පිනි පොට්ටු ලෙස
කඳුලු වැටුනද නොමැත දොම්නස
දුක නොමැතිනම් ඔබේ සිත ලඟ
කුමට විඳිනුද මමත් මේ දුක
එකම පෙත්තක් සතුව බිහිවුන
මලකි එක්පෙති මම ඔබේ ලඟ
නෙලාගන්නේ නොමැති නම් ඔබ
මිලින වනු මිස මක් කරන්නද
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)