Sunday, 26 February 2012

ඉටි පහන් එළිය මම




පළගැටි සේනා දැවි දැවි මියගිය
වැලි බිස්සේ  දුහුවිල්ල පුරා
නිසසල පැහැයෙන් දීදුලමි  සැමකල
සොහොන් කොතේ ඔබ නිදන තුරා 


දෙනුවන ලඟ රැඳි සෙනෙහස් හසුනක
ආදරයේ පද පේලි ලියා 
ගල් පත්තිරුමත දැලි රූ මවනෙමි
ඔබ ගිය  ලොවකට පෙනෙන තුරා.


නිසසල උදයක වැසිබර සවසක
එකලෙස මම දිලෙනෙමි සැමදා
සුදු වත හැඳගෙන ඇය ඇවිදින් කියු
කඳුලේ කවි නිමවනා තුරා.



Saturday, 25 February 2012

ලඟ ලඟයි මුමුණනු ඇසේ


සිනා නොමසෙන ඔය මුවේ
සිනාහ හස කැන් මට පෙනේ
සෙනෙහසක් නැති නෙත් අගේ
සෙනෙහසේ පැතුමන් සැලේ

නොපෙනෙනා  දුර වසන්තේ
ලඟ ලඟයි මුමුණනු ඇසේ
දුරයි මුත් සඳ ගගනතේ
නෙත් ලඟින් පෙනි පෙනි පිපේ

Monday, 13 February 2012

ඔබම කියු.. මගේ කවිය...



ළඟට එන්න

හිත හදන්න


බරවුනු නෙතු සනසවන්න..




ඔබ පිපෙන්න



මගෙම වෙන්න



නෙතු රැඳි කඳුලින් මිදෙන්න..




ළඟම ඉන්න



දුර නොයන්න



සිත් විල මත ඔබ රැඳෙන්න..