Tuesday, 27 December 2011

සුබ සිහින

කවිකාර සිත ගොතන 
හැඩකාර පද වලට
ඔය මිහිරි හඬ දෙන්න 
වැහි සීතලේ......

ඔබ ගාව සැතපෙන්න
නොපියාම නෙත් නිම්න
තුරුලේම සැඟවෙන්න
එන්නම් හොඳේ......

Tuesday, 20 December 2011

ඔබේ මතක


රෑ අහසේ තරුකැට දෙස
බලා සිතට දෙන සැනසුම
රෑ සිහිනෙන් ඇවිත් හොරෙන්
සොරා ගනියි ඔබේ මතක
නෙතට හඬන්නට දෙනු බැහැ
ලොවම සැනසෙනා මොහොතක
මට හැමදා හිරු සඳු වු 
ඔබේ මතක ගන්න ඔබම 

Wednesday, 14 December 2011

නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය



අසිනි වැස්සට තෙමී තෙත බරිත හඳ මඩල
අනෝරාවක් ලෙසින්නෙතින් හල කඳුලු වැල
රුදුරු තොල් පෙති වැදී රිදුම් දෙන කොපුල් තල
ආදරේ සීත පිණි දියෙන් දැන් තෙමනු මැන


වියලි පොළවට වැටුණු පින්සාර පොද වැස්ස
රුදුරු කතරක දුටුව අහිංසක පතොක් මල
ජීවිතේ කුණාටුව නිවාහල සුළං පොද
නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය 

Monday, 12 December 2011

සිත තවම ඉකිබිඳියි කුමරී

හිත හදා ගන්න නෙතු පියා ගනිමි 
මුළු රැයමනිදි වරා වෙහෙසී
නුඹ ගිහින් යන්න බිඳ දමා සිහින
සිත තවම ඉකිබිඳියි කුමරී


සතු වෙලා හිටිය නුඹ ,
හැර ගිහින් ඉඳන් අද
මම හඬමි රෑ දිවා වෙහෙසී
සිත තවම ඉකිබිඳියි කුමරී


මල් මිලින රැයක සඳ ගිහින් අවර
කළුවරයි මුළු අහස සබඳී
නුඹ ගිහින් ඉතින් කළුවරයි මුළු ලොවට
සිත තවම ඉකිබිඳියි කුමරී

Friday, 2 December 2011

මිලින වනු මිස මක් කරන්නද



පයට පැගී සිතුම් හඬවන 
අහිංසක පෙම් කැකුළු මල්වල
සැවඳ දැනුනේ දැන්ද ඔබ හට
මිලින වී පෙති හැලී යන විට


නොවක් මල් ලොව පිපී තිබුනද
එකම මල මම ඔබට පෙම් කල
මේ තරම් ගැරහුම් ලොවින් මට
ලෙහෙසියෙන් පිදු නිසයි සෙනහස


මලට වැටෙනා පිනි පොට්ටු ලෙස 
කඳුලු වැටුනද නොමැත දොම්නස
දුක නොමැතිනම් ඔබේ සිත ලඟ
කුමට විඳිනුද මමත් මේ දුක


එකම පෙත්තක් සතුව බිහිවුන
මලකි එක්පෙති මම ඔබේ ලඟ
නෙලාගන්නේ නොමැති නම් ඔබ
මිලින වනු මිස මක් කරන්නද