මන්දාරම් අඳුරට පෙම් බඳිනා
පහන් වැටිය විලසේ
හිරු රැස් දහරට ආල වඩන මං
බිනර මලකි පොළවේ
දිය මත පිහිනා රැලී හැඩ ගන්වන
විලත් අහිමි විලසේ
කිසිත් නොදැන ඔබ අහිමිව යනු ඇත
නොලැබ පෙමක පහසේ
සමනල කන්දේ පාමුල හිදගෙන
සුසුම් හෙලමි මෙලෙසේ
දුරයි තනිව නැග යන්නට බැහැ
මට මේ ගිරි දඹ කිසිසේ
අරත්දති තරු කැකුලකි නුඹ මට
සැනසුම ගෙනෙන මෙසේ
තරු වක් ඉල්ලා හඩයි මසිත තව
නොම දන්නේද සුහදේ
සිල් ගත් පුර හඳ පායන අහසක
තනිව පිපුණ තරුවේ
රැස් දහරාවට කිසිවෙකු ලොබ නැත
පුරහඳ ඇත අහසේ
ඉතින් මමත් රහසෙම පෙම් කෙරුවට
කිසිවෙකු නැහැ දන්නේ
අමාවකේ පොඩි තරුවක් වන්නට
මම නැහැ පින් කෙරුවේ
ලස්සනයි. ගොඩක්ම....
ReplyDeleteහ්ම්ම්ම් ස්තූතියි අයියේ
ReplyDeleteහරිම ලස්සනයි...
ReplyDelete