Sunday, 2 September 2012

සමනලයා % මල



විහිදිච්ච පෙති හැකිලෙද්දිත්
ලස්සන සමනලයා 
වහනකල් බලා ඉන්න 
පර වෙමින් යන මල, මම,

Wednesday, 29 August 2012

නයා!



රසවින්දනය උපරිමයට ලං වෙන්න... පින්තූරය මත කොටන්න ! :))

Sunday, 26 August 2012

හඬවන මතක!



වියලි හැඟුමන් ගල් ගැසී
වැසි වසියි දෙනුවන් තෙතයි
මේ වෙන්ව යන සෘතුවයි
කඳුලු කැට කොපුලට වැටෙයි.

අඳුර නිමැවුරැයක හමුවු
මිතුරු දම හවදත වෙලයි
මමම පමණයි ඉතිරි මා හට
අඳුර සේ මිතුරන් මියෙයි.

සිතට සපතමි දැඩිව සිතනෙමි
නුඹ මගේ සිහිනෙන් දුරයි.
නුඹ එපා යැයි මම කියන මුත්
මට හොරන් මගේ හිත හඬයි

මතක අතරින් මවෙත ඇවිදින්
හිතේ ඉඩ කඩ හැඩි කරයි
ආදරේ නෑ කියා කිය සිතුවත්
නුඹ ගැනම මසිතට සිතෙයි

අන් අයෙකු නොව නුඹත් මමමයි
වේදනාවෙන් මුත් සිතෙයි
වේදනාවත් මගේ නිසාවෙන්
නෙතට හිමි කඳුලුම තමයි





Sunday, 15 July 2012

නොදනිමි නොසොයමි





සිතුවිලි සිල් ගත් මොහොතක විමසමි
ඔය නෙතු අද්දර  රන් තරු පැරදුණි
කිසිවෙකු නොමදත් රහසක් විමසමි
ඔබ දන්නේ දැයි විමසමි අසනෙමි


සිතිවිලි උමතුව හඳවත වෙහෙසමි
හද ගැස්මේ රිද්මය මම විඳිනෙමි
මායා සිහිනෙක රහසින් වෙලුනෙමි
සිහිනෙන් ඔබ රුව පමණක් දිස් වුනි 


නෙතු පිය සැලුනේ කිමදැයි නොදනිමි
ඔය රුව ඈතින් එන විට සැඟ වෙමි
කිසි වෙකු නොමදත් රහසක් විමසමි
ඒ ආදරය ද නොදනිමි නොසොයමි 






අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk

Saturday, 14 July 2012

අෆ්සාරා






මීදුම් පාරේ ඇවිඳන් යන විට
හොරැහින් නෙත් කැල්මන් පානා
පෙම්වත් හසරැල් මවනා නෙතු යුග
මඟ  හැර මම දිව්වෙමි නානා 

එළුවන් රෑනේ පසුපස දිවයන
ඒ සුන්දර මොහොතක් පාසා
ඔබ ලඟ උන්නානනම් සිත කීවා
ඔබ සිත බැඳි මම අෆ්සාරා



අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk


Friday, 13 July 2012

ඔබ මට ආදරේ





මල් උයනේ මල් සමනල රෑන් සම ඟ පියඹමි මම
ඔබ සුවඳක පාවී එන මදපවනැල්ලේ නටමින
සොඳුරු සුසුම් පිරුණු හිතට ආදරේ ගලාන එන්න
විවර කරමි ඔබේ සුවඳට මාගේ සුරතල් හඳවත

හිනා වෙන්න දඟ දෙන හිත පාට වලාකුළු සිපගෙන
රස විඳින්න ආසයි ආදරෙය් සුව ඔබෙන් රෑගෙන
පියාඹන්න අත්තටු ලැබුනා ඔබගේ කිරිල්ලියට
හරි ආසයි මට අහන්න සුදු ඔබ මට ආදරේද?

දඟ දෙන පිවිතුරු හදවත සතුටින් ඉපිලී නටමින
ඔබේ සුවඳට ඉඟි කරනා සතුටු කඳුලු හිනැහුනි මට
කෝඩු කාර පෙම් හදවත නේකපාට වෙනකොට මට
ආදරේට හිනැහුණ ඔබ මහමෙරක් උනා හදවත

හීන ගෙනන රෑතුන්යම පාට ඔබේ ඔය සෙනෙහස
මාල හතක් ගෙල පළඳින කෝල ලඳක් වගේ හිතට
හීනයක්ම වෙන්න බලන සෙනෙහස ඔබ දන්නවාද
පාට වුනත් හීන සුවඳ ආදරෙයිනේ හැමදා මම





අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk