ඔබේ පෙම් සිතුවිලි ප්‍රාර්ථනා
සිහින සතම අද සැබෑ වෙලා
සුබ පැතුමක් පතනට සිත කීවා
පන්හිඳ මේ කවි පද ගෙතුවා
මාල සතක් ගෙල වට පළදා
කුංකුම අංජන නෙතු තවරා
සුදු සේලෙන් සැරසී සිත් සනහා
පෙම්බරයෙකු හා පිටව ගියා
නෙතු අග මුතු කඳුලක් රඳවා
යුවතිය පතිනිය වී ගියදා
ඇය සතුටින් හසරැල් නඟනා විට
නෑ සියයන් රහසින් හැඩුවා
වක්කඩ කැඩුවා සේ මැවෙනා
සිනා කැළුම් හසරැලු උතුරා
හදවත රිද්මය දෙනෙතින් මැවුනා
මනාලියක් යනු පෙනුනා.
Thursday, 24 May 2012
Friday, 18 May 2012
නුඹ නමට
සුසුමක් නොවේ සිය දහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමිත් ඇත සොයුර නිරතුරේ
පින්බිමේ පිරිත් සජ්ජායනෙන්
කෝවිලේ සීනු හඬ නද මැදින්
පල්ලියේ යාතිකා රාවයෙන්
ගයමු අපි නුඹ නමට එක හඬින්
ලොව සතර අත ඉදන් රොඳ බැදන්
නුඹ නමින් පෙල ගැසුණු පිරිවරින්
නිහඬ ලොව බිඳදමා මිතුදමින්
සවන දෙන්නෙමු නුඹට ඉක්මනින්
පලි : වසරකට එපිට ලියා ගයන්නට බැරිවු ගීතයකි!
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමිත් ඇත සොයුර නිරතුරේ
පින්බිමේ පිරිත් සජ්ජායනෙන්
කෝවිලේ සීනු හඬ නද මැදින්
පල්ලියේ යාතිකා රාවයෙන්
ගයමු අපි නුඹ නමට එක හඬින්
ලොව සතර අත ඉදන් රොඳ බැදන්
නුඹ නමින් පෙල ගැසුණු පිරිවරින්
නිහඬ ලොව බිඳදමා මිතුදමින්
සවන දෙන්නෙමු නුඹට ඉක්මනින්
පලි : වසරකට එපිට ලියා ගයන්නට බැරිවු ගීතයකි!
Tuesday, 15 May 2012
මම
තරුවක් වත් තැනි අහසක
ලා එළියෙන් ලොව සරසන
තනිවුනු අඩ සඳ,
කණාටු බොල් පෙළවක
දිය බිඳක් නැතිව වැඩෙන
පතොක් මල
සිඳියන දිය කඩිත්තක
ගල්බෙනයක් තුල සැඟවුන
ඉතිරිවු දිය පොද
___________________________________
කලා සොළොස ඇති රෑක
තරු එලි පරදවා දිලෙමි
එහෙත්
අද
අඩ සඳක් මම
වස්සනායේ වැහි වහින දාට
හැඩ පාටින් දිලෙමි
එහෙත්
අද
කණාටු මලක් මම
කඳ ශිකරය සශ්‍රීකවුනු දාට
තිල් කැටේට දිලිසෙමි
එහෙත්
අද
පුංචි දිය බිඳක් මම
Friday, 4 May 2012
දියණියේ
අරුත් නැති ලෝකයක් හමුවේ
සිනා සෙන්නට වෙර දරන නුඹ
නමක් නොම දත් මලක් සිඹිමින්
ආදරේ සුව සොයනු කෙලෙසද
සිතක සිතිවිලි වාන් දමනා
යොවුන් වයසේ කිරිලියේ නුඹ
නුඹට පෙම් නැති සිතක් වෙනුවෙන්
නෙත් ඉමේ කඳුලක් දරණු කිම
සිනාවේ මායිම් තනන්නට
සිත් පොඩිය හැඟුමින් වෙලාගෙන
ඈත ක්ෂිතිජයේ මංමුලාවී
මිරිඟුවට තව පෙම් බඳිනු කිම
තෙතක් නැති ගල් හිතක් අබියස
බවුන් වඩනා තවුසියක් ලෙස
තවත්නම් දුර නොයා ඉඳපන්
අතරමන් වෙයි නුඹත් අහිමිව
සිතුම් මුතුහර ගිලී ගියදෙන්
හඩන්නට නම් එපා මගේ දුව
නුඹට පෙම් නැති සිතත් විඳවයි
පෙමක අරුමය දුටුව දිනයක
Subscribe to:
Posts (Atom)