අදයි අන්තිම දවස
හෙට නුඹත් මට නොමැත,
දුකයි සැප දෙක එක්ක
මා එක්ක නිදි වැරුව
නුඹට දැන් අවසරයි
මගෙන් සමු ගෙන යන්න,
උකුල් තලයේ වැතිර
නුඹ එක්ක මම කීව
කවි කතා දැන් නිමයි
හෙටින් පසු නුඹත් නැත.
අහමි බව දැන දැනම
ලඟට ගත් නිසා නුඹ
හිත කෙලෙස් දම් පුරයි...
එහෙත් සමු ගන්න හෙට....
හෙට මගෙන් සමු ගන්නා මගේ වෙලා හිටිය අන්සතු ලෑපිට.....
ගියත් අද සමු අරන්..
ReplyDeleteයලිත් එයි ඔබ සතු ලැපක්..
ආදරෙන් වැළඳ ගන්...
නෙට් එන්න දිගු කලක්..
ඉක්මනින් අළුත් ලැපියෙක් යන්න වාසනාව ලැබේවා..!!
කාලය ආවම
ReplyDeleteවේවි සමුදෙන්න
එනමුදු,
එපා සමුදෙන්න
කවි කතා වලට
ගන්න අක්කි ඔයාටම කියල එකක්.. :)
ලැපට සමු දුන්නද
ReplyDeleteහංස ගීතය ගැයුමට
නුඹ හැර සුදු හංසියක්
අපට කොයි වේවිද
දිගටම ලියන්න හංසි...