Monday, 29 August 2011

අළුත් රහසක්



සිතෙහි සිරගතක හැඟුම් පොදි බැඳ 
අළුත් රහසක් කිය කියා
නෙතෙහි කැල්මන් රඟන රුඟුමන් 
පදබඳිමි හැඩ වය වයා 

රහස් තෙපලූ දෙතොල් පෙති සැලි
තාලයට හැඩ මව මවා
සවන් කිංකිණි නඳට යොමමින්
සොඳුරු බිඟු නද අස අසා 

ලවන් රත් පෙති සීතලෙන් හද
උණුසුමත් සිහිලැල් වෙලා
පියන් නෙතු යුග හදවතින් විඳි
උණුසුමින් සිත නැහැවිලා 

Thursday, 18 August 2011

අවසරයි සමු ගන්න

අදයි අන්තිම දවස
හෙට නුඹත් මට නොමැත,
දුකයි සැප දෙක එක්ක
මා එක්ක නිදි වැරුව
නුඹට දැන් අවසරයි
මගෙන් සමු ගෙන යන්න,
උකුල් තලයේ වැතිර
නුඹ එක්ක මම කීව
කවි කතා දැන් නිමයි
හෙටින් පසු නුඹත් නැත.
අහමි බව දැන දැනම 
ලඟට ගත් නිසා නුඹ
හිත කෙලෙස් දම් පුරයි...
එහෙත් සමු ගන්න හෙට....




හෙට මගෙන් සමු ගන්නා මගේ වෙලා හිටිය අන්සතු ලෑපිට.....