Tuesday, 20 November 2012

සෙනෙහස ඔසුවකි




සුවඳයි සැනසුම වාගෙම සෙනෙහස
පිළිගෙන විඳින්න සඟවා නොඉන්න
ලාලසී රසයෙන් හමුවුනි දෙනයන
ලංවී හිඳින්න සෙනෙහස වඩන්න 

ඊයේ අප හට අහිමිවු රැය නැත
අද නව දිනයකි රැය අප සතුවිය
පැටලී  තැවරී හිත හිරිවට්ටන 
ආසයි විඳින්න ඒ හැඟුමන් මම 

හදවත හැගුමට සීමාවන් නැත
වලාකුලේ පා තබමින් ඇවිදිත
ගඟුලකි මගේ හිත ගලනා නොනැවත 
එහෙත් විටෙක මම ජලයෙත් ඇවිදිත.



Friday, 16 November 2012

මම හැමදාමත් නති තරුවක්




දෑසට නොපෙනන ඈතක හිඳගෙන
මගේ හිත සිතුවම් මැවූ තරම්
වාවනු නොහැකිව හඬනුයේ කෙලෙසද
නෙලන්න බැරි ඔය  හිත මනරම්

සුන්දර විලසක අතිනත අරගෙන
ඇවිදන් යන්නට සිත පැතුවත්
නොපෙනෙන දුරකින් පායන සඳ ලග
මම හැමදාමත් නති තරුවක්

තනිකම් පවුරේ බිතු සිතුවම් ඇඳ
රවටාගමි පෙම් හිත කවදත්
අපි අස අපි නැති සීතල නිම්නෙක
සිත හැමදාමත් ඔබේ ලඟින්