Sunday, 15 July 2012
නොදනිමි නොසොයමි
සිතුවිලි සිල් ගත් මොහොතක විමසමි
ඔය නෙතු අද්දර රන් තරු පැරදුණි
කිසිවෙකු නොමදත් රහසක් විමසමි
ඔබ දන්නේ දැයි විමසමි අසනෙමි
සිතිවිලි උමතුව හඳවත වෙහෙසමි
හද ගැස්මේ රිද්මය මම විඳිනෙමි
මායා සිහිනෙක රහසින් වෙලුනෙමි
සිහිනෙන් ඔබ රුව පමණක් දිස් වුනි
නෙතු පිය සැලුනේ කිමදැයි නොදනිමි
ඔය රුව ඈතින් එන විට සැඟ වෙමි
කිසි වෙකු නොමදත් රහසක් විමසමි
ඒ ආදරය ද නොදනිමි නොසොයමි
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk
Saturday, 14 July 2012
අෆ්සාරා
මීදුම් පාරේ ඇවිඳන් යන විට
හොරැහින් නෙත් කැල්මන් පානා
පෙම්වත් හසරැල් මවනා නෙතු යුග
මඟ හැර මම දිව්වෙමි නානා
එළුවන් රෑනේ පසුපස දිවයන
ඒ සුන්දර මොහොතක් පාසා
ඔබ ලඟ උන්නානනම් සිත කීවා
ඔබ සිත බැඳි මම අෆ්සාරා
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk
Friday, 13 July 2012
ඔබ මට ආදරේ
මල් උයනේ මල් සමනල රෑන් සම ඟ පියඹමි මම
ඔබ සුවඳක පාවී එන මදපවනැල්ලේ නටමින
සොඳුරු සුසුම් පිරුණු හිතට ආදරේ ගලාන එන්න
විවර කරමි ඔබේ සුවඳට මාගේ සුරතල් හඳවත
හිනා වෙන්න දඟ දෙන හිත පාට වලාකුළු සිපගෙන
රස විඳින්න ආසයි ආදරෙය් සුව ඔබෙන් රෑගෙන
පියාඹන්න අත්තටු ලැබුනා ඔබගේ කිරිල්ලියට
හරි ආසයි මට අහන්න සුදු ඔබ මට ආදරේද?
දඟ දෙන පිවිතුරු හදවත සතුටින් ඉපිලී නටමින
ඔබේ සුවඳට ඉඟි කරනා සතුටු කඳුලු හිනැහුනි මට
කෝඩු කාර පෙම් හදවත නේකපාට වෙනකොට මට
ආදරේට හිනැහුණ ඔබ මහමෙරක් උනා හදවත
හීන ගෙනන රෑතුන්යම පාට ඔබේ ඔය සෙනෙහස
මාල හතක් ගෙල පළඳින කෝල ලඳක් වගේ හිතට
හීනයක්ම වෙන්න බලන සෙනෙහස ඔබ දන්නවාද
පාට වුනත් හීන සුවඳ ආදරෙයිනේ හැමදා මම
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
Wednesday, 11 July 2012
සඳවත
අකුණු පුපුරයි හිස මත
ඔබ ඇවිත් මතකෙට
සැනසුමක් නැහැ සිත
රිදුම් දෙනවා හැදවත
අහිමි මගේ සඳවත
පායනා කල අහසට
පියා ගමි දෙනුවන
නෙතෙහි ඉඩ නැ කඳුලට
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk
Tuesday, 10 July 2012
ඔබ මගේ සිතුවිල්ල
ලඟ සිටින දුර නොයන
හිත් පොඩිය හැඩ කරන
නෙතු කඳුලු මතු කරන
ඔබ මගේ සිතුවිල්ල
නිරන්නර කඳුලකින්
නෙත් දසුන් බොඳ කරන
දෘෂයා මායා මවන
ඔබ මගේ සිතුවිල්ල

Subscribe to:
Posts (Atom)